හිරෝෂිමා නාගසාකි නැවත එපා.


August 13, 2017 12:01 am

 

හිරෝෂිමා නාගසාකි නැවත එපා.

පසුගිය ඉරිදා (2017/08/06) හිරෝෂිමාවට න්‍යෂ්ඨික බෝම්බය හෙලා වසර 72 ක් පිරිණි. හිරෝෂිමාවට ඇමරිකාව විසින් හෙලනු ලැබු ‘ලිට්ල් බෝයි’ නෂ්ටික බෝම්බය සිදු කල මහා විනාශය සේම 1945 අගොස්තු 8 වන දින නාගසාකි වෙත හෙලනු ලැබු ‘‘පැට් මෑන්’’ නෂ්ටික බෝම්බය සිදු කළ විනාශය තවම නිමා වී නැත. තවමත් එහි බලපෑම හිරෝෂිමා හා නාගසාකි නගරවල ජනයා භූක්ති විඳිති.
න්‍යෂ්ටික අවි මගින් කරනු ලබන විනාශය කොතරම් බිහිසුනු වූවත් නෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමක් අත්සන් කෙරුනේ මේ වසරේ ජූලි 07 වනදා එක්සත් ජාතින්ගේ සමුළුවේදිය. රටවල් 122 ක් ඊට පක්ෂ වී ඇත.
මෙම ගිවිසුම යථාර්ථයක් කිරීම සඳහා වතිකානුව සක‍්‍රියව දායකවීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තරව න්‍යෂ්ටික අවි ආයුධ, මුලිනුපුටා දැමීම තේමා කර ගනිමින් එළඹෙන නොවැම්බර් 10 හා 11 දිනවල ජාත්‍යයන්තර සමුළුවක් සංවිධානය කිරිමට වතිකානුව තීරණය කර තිබේ. ‘‘න්‍යෂ්ටික අවි නැති ලොවක් න්‍යෂ්ටික අවි තිබෙන ලොවකට වඩා සුරක්ෂිත වේ’’ යන අදහස ජනතාව අතරට ගෙනයාමට වතිකානුව සූදානම් වේ. ශී‍්‍ර ලංකාව වතිකානුවේ එම ප‍්‍රයත්නයට යම් දායකත්වයක් ලබා දේවිද ?

පසුගිය ජූලි 30 වෙනිදා ජපානයේ කියොතො හි පැවැති යැදුම් හමුවට පණිවුඩයක් යවමින් සුදතුම් පියාණන් සියලූ ආගම්වලින් ඉල්ලා සිටියේ ‘‘සාමය සඳහා එක්ව යාච්ඥා කරන්න – එක්ව වැඩ කරන්න’’ යනුවෙනි.

හිරෝෂිමා හා නාගසාකි යන නගර දෙකේ නම් ලෝකයට මතක් කරන්නේ න්‍යෂ්ටික අවි වලින් තොර ලොවක් උදෙසා මානව වර්ගයා එකමුතු විය යුතු බවයි. නැවතත් එවැන්නක් සිදු නොවීමට කටයුතු කල යුතු බවයි. එහෙත් උතුරු කොරියාව තම න්‍යෂ්ටික අත්හදා බැලීම ඉදිරියටත් කර ගෙන යාමට තීරණය කර ඇති අතර ඔවුන් බටහිර ලෝකයට අනතුරු ඇඟවීම ද සිදු කරනු ලබයි.
සාමය ඇති කරන්නන් දේවියන් වහන්සේගේ පුත‍්‍රයන් යැයි අදහන කිතුනුවන් න්‍යෂ්ඨික අවි වලින් තොර ලොවක් සඳහා ක‍්‍රියා කල යුතුය.

 

jesustodaysl 24 සතිය 2017අගෝස්තු 13


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696