මුස්ලිම් විරසකයට එරෙහිව සුදතුම් පිය භාවිතාව


March 3, 2017 1:15 pm

අයි. එස්. අයි. එස් ක්‍රියාකාරිත්වය හේතුකොට ඉස්ලාම් හා කිතුනු ප්‍රජාවන් අතර අසමගිය වර්ධනය කිරීම උදෙසා ඇතැම් කිතුනු කොටස් ලොව පුරා යම් යම් ප්‍රකාශන ක්‍රියාමාර්ග ගනිද්දී ප්‍රුන්සිස් සුදතුම් පියාණන් දූරදර්ශි ලෙස ක්‍රියා කිරීම අන්තවාදය ඉදිරියේ සැබැ කිතුනු ප්‍රතිචාරය කෙබඳු විය යුතුද යන්න පෙන්වාදෙයි.

ඉස්ලාමය හා අයි. එස් ක්‍රියාකාරිත්වය වෙන්කර දකින ලෙස එතුමෝ ආරම්භයේදීම කිතුනු ප්‍රජාවට ආරාධනා කළෝය. විටක කිතුනුවන්ගේ බෙලි කපා මරා දැමීම ගැන මතක් කරමින් ඊට එරෙහිව ආගම්වාදය අවුළුවා ගතහැකි ප්‍රකාශයක් ලබාගැනීමට තැත් කළ මාධ්‍යවේදියෙකුගෙන් එතුමා පෙරලා ප්‍රශ්න කළේ හිංසාවාදය අපගේ රටවල නැති ද යන්නයි. තම බිරිඳව තම නෑසියන්ව, තම මව පියාව කපා මරාදමන සිදුවීම් රටවලත් බොහෝ රටවල තිබෙන බව සිහිපත් කළ පාප්තුමා ප්‍රචන්ඩත්වය හුදු ඉස්ලාමිය දෙයක් නොවන බව වටහා ගැනීමට ප්‍රශ්න නගන්නන් අභියෝගයට ලක් කළෝය.
පසුගියපෙබරවාරි 08 වෙනිදා මිනිස් ජාවාරම් කිරීම් වලට එරෙහි දිනයේ දි පාප්තුමන් පීඩාවට පත්වන මියන්මාරයේ රොහින්යා ඉස්ලාම් ජනතාව ගැන කථා කරමින් ඔවුන්ට එරෙහි පීඩා කිරීම් හෙළා දුටුවේය. ‛ඔවුන් කිතුනුවන් නොවන බව ඇත්තයි. එහෙත් ඔවුන් යහපත් මිනිසුන් සාමකාමි මිනිසුන්. වසර ගණනාවක් තිස්සේ ඔවුන් වේදනාවන්ට මුහුණ දී සිටිනවා. පහර දීමට නොසලකා හැරීමට ඝාතනයට ලක්වන්නේ ඔවුන්ඉස්ලාම් භක්තිකයින් ලෙස ඔවුන්ගේ දහම විශ්වාසකරන නිසා. මේ පීඩනයට පත්වන තම නිවාස වලින් ඵලවා හරින ජනතාව අපේම සොයුරු සොයුරියක් සේ සැලකිය යුතුයි.’’


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696