බොදු බල සේනාව හා කාදිනල් හිමි හමුව


January 7, 2018 5:42 am

බොදු බල සේනාව හා කාදිනල් හිමි හමුව
ප‍්‍රැන්සිස් සුදු පිය මඟ ගැනීමක්ද ?

නත්තල් සමය තුළ බොහෝ විචිත‍්‍ර පුවත් අතරේ වැඩි අවධානයක් නොලැබුනද බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අතර හමුව අවධානයට ලක් විය යුතු එකකි.
මේ හමුවීම පිලිබඳ කථාවකදි පියතුමෙකු මතුකර පෙන්වූයේ මෙය ප‍්‍රැන්සිස් පාප්තුමන් මියන්මාරයේ දී බෞද්ධ නායක හිමිවරු හමුවීම වැනි කටයුත්තක් බවයි.
බොදු බල සේනා හා කාදිනල් හිමි හමුව.
හමුවීම් හා අදහස් බෙදා ගැනීම් ඉතා වැදගත් බවට විවාදයක් නැත. ආගම්වාදය ව්‍යාප්ත කරන ගලගොඩඅත්තේ හිමි වැන්නෙකු සමඟ වුවද කළ යුතු කථා බහක් ඇති බවට සැකයක් නැත. එම කථා බහට දේව අරුතක් තිබුණේද දිවැසි අගයක් තිබුනේද යන්න හඳුනා ගැනීමට හැකිවන්නේ කථා බහේ අන්තර්ගතය අනුවය.
කාදිනල් හිමි හා බොදු බලසේනා සංවාදය.
බොදු බල සේනාවේ අවධාරනයන්.
මෙරට සිදුකරන වන්ධ්‍යාකරණය වැඩ පිළිවලට හා ඉරිදා ටියුෂන් වලට එරෙහිව කාදිනල් හිමිගේ ප‍්‍රකාශ වලට ස්තූතිය ඵල කිරීම.
2012 වසරේදි මේ කරුනු ගැන මහින්ද රාජප්කෂ ජනාධිපතිවරයාට බොදු බල සේනාව ලබාදුන් යෝජනාවලිය හා මුදල් යොදවමින් රාජ්‍ය නොවන සංවිධාන සිදු කරන වන්ධ්‍යාකරණ වැඩ පිළිවලට අදාල සාක්ෂි විස්තර කාදිනල් හිමිට ලබා දීම.
කාදිනල් හිමිගේ අවධාරණයන්.
මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය රැුක ගැනීම සියලූ දෙනාගේ වගකීමකි.
අප රට සතුව පවතින වටිනාකම් ආරක්ෂා කරගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි.
ප‍්‍රැන්සිස් පාප්තුමන් හා මියන්මාර් භික්ෂු හමුව.
පාප්තුමන්ගේ අවධාරණයක්.
”කාලාන්තරයක් පුරා විවිධ සංස්කෘතික, ජනවර්ගික සහ ආගමික ජන කොටස් අතර ඇති වු ගැටුම් වලින් හටගත් තුවාල සුවපත් කිරීමට එක්සත්ව කටයුතු කරන්න”
”වෛරය අවෛරයෙන්ද, අයහපත යහපතින්ද, ලෝභය ත්‍යාගශීලිත්වයෙන්ද බොරුව සත්‍යයෙන්ද ජයගන්න කටයුතු කරන්න.”
බොදුනු දහමේ හරය ජීවත් වීමට උත්සහ දරන සෑම තමාගේ ගෞරවයට පාත‍්‍රව සිටි.
අපගේ අරමුණු වන්නේ එක්සත් වීමයි. ඉතින් අප එසේ එක්සත් වීමට නම්, අප සියලූ ආකාරයේ වරදවා වටහා ගැනිම්, නොරිස්සුම් පූර්ව විනිශ්චයන් සහ වෛරය ජයගත යුතුය. ඒ සඳහා බුදු රජාණන් වහන්සේ අපට දී ඇති අවෛරයේ මාවත අප තෝරා ගත යුතුය.
මෙම කරුනු දෙස සාවධානව අවධානය යොමු කිරීමෙන් අපට මෙම හමුවීම් දෙකෙහි වෙනස හා සමානකම හඳුනාගත හැකි වනු ඇත.

jesustodaysl 45 සතිය 2018 ජනවාරි 07


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696