නිවහනක් නැති පවුල් ලක්ෂ 20 ක්.


October 8, 2017 5:32 am

නිවහනක් නැති පවුල් ලක්ෂ 20 ක්.


සැප්තැම්බර් 02 වෙනිදා ලෝක ජනාවාස දිනයයි. මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වූයේ ‘‘සරිලන නිවහනක උරුමය සැමට’’ යන්නයි.
ජනාවාස දිනයේ නිල රාජ්‍ය උත්සවය අමතා නිවාස හා ඉදිකිරිම් ඇමති තුමා පවසා තිබුනේ මේ රටේ පවුලේ ලක්ෂ 20 කට හරි හමන් නිවසක් නැති කමින් පීඩා විඳින බවයි.
නිවාස හා ඉදිකිරිම් ඇමති තුමාගේ පියා නිවාස හා ඉදි කිරිම් ඇමතිවරයාටව සිටින කාලයේ සටන් පාඨය වුයේ වසර ‘‘2000 දි සැමට සෙවණ’’ යි. ඒ 1980 දශකය මුලදීය. දැන් වසර 2000 ද පසු වී දශක දෙකක් ගෙවීමට ආසන්න වන විට පවුල් ලක්ෂ විස්සකට හරි හමන් නිවහනක් නැතැයි කීමට සිදුවීම දෛවයේ සරදමකට වඩා දේශපාලන සටන් පාඨ හා යථාර්ථය අතර සබඳකම අපට පෙන්වා දීමකි.
සැබැවින්ම අද රට පුරා ධනවතුන් හා ඉහළ මධ්‍යම පාංතිකයින් සඳහා රුපියල් මිලියන ගණන් වල සුපිරි නිවාස ක‍්‍රම :්ච්රඑපැබඑ* ඉදි වෙද්දි දුප්පත් ජනයා කැකුළු කුඩු වැනි තට්ටු නිවාස වලට ගාල් කිරිමත් ඉතාම දුහී ජනයා නිවාස නැති අසරණයින් බවටත් පත් වීමක් සිදු වේ.
නිවසක් යනු ඉතා අත්‍යවශ්‍ය අවශ්‍යතාවකි. මේ පිළිබඳ ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් වේ ප‍්‍රශංසා විශ්ව ලේඛනයේ මෙසේ ප‍්‍රකාශ කර ඇත.
නිවාස හිඟය අද ලෝකයෝ බොහෝ කොටස්වල, නාගරික මෙන්ම ග‍්‍රාමීය පෙදෙස්වලට පවතින බරපතළ ප‍්‍රශ්නයක්ව පවතින්නේ රාජ්‍ය අයවැය මගින් සාමාන්‍යයෙන් ඉල්ලූමට සරිලන ප‍්‍රමාණයක් ඒ සඳහා වෙන් නොකෙරෙන බැවිනි. වෙන් කෙරෙන්නේ අවශ්‍ය ප‍්‍රමාණයෙන් සුළු කොටසක් පමණකි. දුගී ජනතාව පමනක් නොව, සමාජයේ වෙනත් බොහෝ සාමාජිකයාන්ටද, තමන්ට්ම හිමි නිවසක් අයත් කර ගැනීම අසීරුය. නිවහනක් තිබීම, පෞද්ගලික උදාරත්වයට මෙන්ම පවුලේ සංවර්ධනයට ද බෙහෙවින් බලපාන කරුණකි. මෙය පරිසරවේදයට අදාළ ප‍්‍රධාන ගැටලූවකි.
එම ප‍්‍රදේශයන්හි ජීවත් වන්නට අපෙක්ෂා කරන්නන්ගේ අදහස් සැලකිල්ලට ගැනීම කෙතරම් වැදගත් ද යන්න, මෙහිදි අප දකිනු ඇත.
අප එහි ඇතුළු කරගෙන ඒකරාශී කරන්නා වු යම් නගරයක් තුළ, අප එයට අයත්ය. අප එම පොළොවෙන් බිහිවූ අයය. එය අපේම නිවහන ය යන හැඟීම වැඩිදියුණු කරන, පොදු අවකාශ, දාශ්‍ය බිම් සළකුණු හා නාගරික දර්ශන පථ ආරක්ෂා කිරිම ද අවශ්‍ය ය. නගරයක විවිධ කොටස් හොඳින් සංයුක්ත කර ගැනීම ද, එහි ජීවත්වන අය අනික් අය සමඟ හවුලේ බෙදාගන්නා අවකාශයක් ලෙස විශාල නගරය දකින්නට අපොහොසත්ව එක් පරිසරයකට පමණක් සීමා වී සිටිනු වෙනුවට, සමස්තය පිළිබඳ හැඟීමක් ඇතිව සිටීම ද වැදගත් ය.
jesustodaysl 32 සතිය 2017 ඔක්තෝම්බර් 08

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696