අහෝ පැණි බීම


December 3, 2017 12:02 am

අහෝ පැණි බීම බොන ඔබට වන විපතක මහත.

අද අපේ ටීන් සෙට් එක කතා කළේ වෙනදාට වඩා වෙනස් මාතෘකාවක්. ඒකට ඉතිං හේතු වුනේ අපේ යාළුවෙක්ගේ අසනීප තත්වයක්. මේ පාර  ඕ ලෙවල් කරන්න ඉන්න ප‍්‍රසංගයා ඩොක්ටර් ව හම්බ වෙන්න ගිහිල්ලා තියෙන්නේ පොත් ගත්තම නිදි මත එනවා කියලා.
කොහොම හරි තව තව කේස් ගොඩාක් නිසා ඩොක්ටර් ලොකු චෙකප් එකක් කරන්න කියලා. ඒකෙන් තමයි දැනගෙන තියෙන්නේ ප‍්‍රසංගට ඩයබිට්ස් කියලා. ඒ කියන්නේ දියවැඩියාව.
ප‍්‍රසංගයා හැමදාම පාඩම් කරන කොට පැණිබීම මෙගා බෝතලයක්  ඕනලූ. පුරුද්දක් වශයෙන් අවුරුදු දෙක තුනක්ම අපේ බ්‍රෝ කෑමට නම්  ඕන දෙයක් බීමට නම්… කියන බ‍්‍රෑන්ඞ් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ.
මේ ගැන කතා කරද්දී අපට අපේ ටීන් ප්‍රෝගැම් එකකදි කියපු කථාවක් මතක් වුනා.

‘‘පැණි බීම බොන යොවුන් ඔබට
වන විපතක මහත
තාරුණ්‍යයට එළඹෙන විට
ඔබ රෝගාතුරු වනු ඇත’’


පැණී බීම වෙළඳ සමාගම් තම ප‍්‍රචාරණයට වැඩිපුර ඉලක්ක කරන්නේ යව්වනයන් හා තරුණයන් ඒ ඇයි ? අපිට මතකයි එදා වැඩ සටහන කළ ගුරුතුමා ඇඞ් කීපයක් මගින් ඒ ප‍්‍රශ්නය නැගුව.
පැණි බීම කොහොමද අපේ හෙල්ත් එකට බලපාන්නේ. මේ ගැන පෝෂණවේදි රොහාන් දෑල බණ්ඩාරගේ අදහස,
පැණි බීම සම්බන්ධයෙන් කතා කරන විට එහි සංයුතිය පිළිබඳවද අවධානය ඉතා වැදගත්ය. පොදුවේ පැණි බීම නිපදවන්නේ ජලය, සීනි මිශ‍්‍ර කොට එයට වර්ණක හා තවත් කෘතිම රසකාරක එකතු කිරිමෙනි. පැණි බීම්වල ඇපල් රස, මිදි රස, දොඩම් රස ආදි රස පැවතියත් මේවා සියල්ල ස්වභාවික පළතුරු එක් කිරීමෙන් නොව, එම ස්වාභාවික රසය අනුව නිර්මාණය කරන ලද කෘතිම රස එක් කිරීමෙන් සකස් කරන ලද බව නම් ඔබ දැනගෙන නොසිටින්න ඇති.
මේ සියල්ලටම අමතරව, කෙසේ කොයි ආකාරයෙන් නිපදවු රසයක් දැයි නොදන්නා ‘කෝලා’ රස වර්ගයද අප අතර බලයෙන් ඇති කළ රුචිකත්වයකි. මේවායේ කැෆේන් නම් සංයෝගය අඩංගු බව මෙන්ම මෙම කැෆේන් යන්න උත්්තේජකකාරයක් බව ඔබ දැනගෙන සිටීම ඉතා වැදගත්ය.
සාමාන්‍යයෙන් පැණි බීම්වල වැඩිපුරම ඇත්තේ ජලය සහ සීනි බව අප මුලින්ම සඳහන් කළ අතර, ප‍්‍රමාණය කොතෙක් දැයි දැනගන්නට ඔබ තුළ යම් උනන්දුවක් පවතිනු ඇත. සාමාන්‍යයෙන් 500ml ක පැණි බීම බෝතලයක් තුළ සීනි තේ හැදි 30-40 ක් අතර ප‍්‍රමාණයක් අන්තර්ගත බව පැවසීය යුතුය. සාමාන්‍යයෙන් සීනි අපේ ශරීරයට අලූතින් අමුතුවෙන් එක් කරගත යුතු දෙයක් නොවන බව මේ වන විට ඔබ දන්නවා ඇති. අපි එදිනෙදා ගන්නා සමබල ආහාර වේලෙහි ශරීරයට අවශය සීනි ප‍්‍රමාණය අන්තර්ගතව තිබේ ප‍්‍රමාණය තේ හැදි 6 කි. එනම්, ග‍්‍රෑම් 30 ක් පමණකි.
අප පවස නිවාගැනීමට පානය කරන මෙම පැණි බීම මගින් දිනකට අමතරව ගත හැකි සීනි ප‍්‍රමාණයටත් වඩා වැඩි ප‍්‍රමානයක් නොදැනුවත්වම ශරිරය තුළට ඇතුළු කර තිබේ. මෙවැනි පාන නිරත්නරයෙන් ශරීරයට එකතු වන්නේ නම් ඔබට නිසැකවම දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳීමේ දැඩි අවදානම් ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ.
පැණි බීමවල සීනි හා ජලයට අමතරව කිසිදු ඛනිජ ලවණයක් හෝ පෝෂ්‍ය පදාර්තයක් අඩංගු නොවන්නා සේම මේවා සලකන්නේ හිස් කැලරි ගොඩාක් ලෙස පමණි. මෙසේ අපේ ශරීරයට ඇතුළුවන අධික සීනි ප‍්‍රමාණය නිසා ඔබ රෝගී වීම කෙරෙහි ඉතාම ඉහළ අවදානමක් පවතින බව පැවසීය යුතුය. සමහරුන් පුරුද්දක් ලෙස පැණි බීම පානය කරන අතර ඒ පුරුද්දට බත් කන විට පවා මෙවැන්නක් අවශ්‍ය වේ. එය පුරුද්දක් පමණක් වන අතර එයින් ආහාර ජීර්ණයට හෝ ශරීරයට ප‍්‍රයෝජනවත් කාර්යයට හිතකර නොවන බවද පැවසිය යුතුය.

 නමුත් මෙහිදි අපි යමක් වටහා ගැනීම වැදගත්ය. පැණි බීම වල බුබුළු නැගීම නිසා දිවේ යම්කිසි සංවේදිතාවක් මතුවන්නට පුළුවන. එය එසේ වන්නේ, පැණි බීම සැකසීමේ ක‍්‍රියාවලියේදි එයට කාබන්ඩයොක්සයිඞ් වායුව (CO2) එක් කිරීම නිසයි.
එය සංවේදිතාව නිසා යම්තාක් දුරට ආහාර රුචිය වැඩිවිය හැකි අතර මේ නිසාම ප‍්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමද සිදු විය හැකිය. අධික සීනි ප‍්‍රමාණයක් පැණිබීම තුළින් ශරීරිගත වෙනවා සේම, අධික ආහාර ප‍්‍රමාණයක් ගැනීම නිසා ඉක්මනින් තරබාරු වීම, බර අධික වී සිදු විය හැකිය.
මෙසේ වැරදි ආහාර පුරුදු නිසා ස්ථුල වන ඔබ, දියවැඩියාවට, හෘදය රෝගවලට හා අධික රුධිර පීඩනය තුලින් ආඝාතනයට අවදානමක් දක්වන්නේකු වීමට පවතින්නේ ඉහළ ප‍්‍රවණතාවයකි. අධික සීනි මෙන්ම පැණීබීම් වල ඇසිඞ් තත්වයක්ද හඳුනාගත හැකිය.
සාමාන්‍යයෙන් පැණි බීම්වල අඩංගු සීනි සාන්ද්‍රණය දත්වල වැඩි වේලාවක් පවතින නිසා දත්වල බැක්ටීරියා වර්ධනය වීඹ වැඩිව ශයෙන් සිදුවෙන් නපුළුවන. බැක්ටීරියා නිසා මෙසේ වර්ධනය වෙන ඇසිඞ් දත්වල ඇති කැල්සියම් සමඟ එක්වීමෙන් දත්වලටද හානි සිදු වේ. මේ නිසා දත් දිරායාමක්ද සිදු වේ. එමෙන්ම දීර්ඝ කාලයක පැණි බීම පානය කරන්නේ නම් එය අස්ථිවලටද අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.
බොහෝ විට පැණි බීම්වල පොස්පරස් සංයෝගය අඩංගුය. අපේ ශරීරියට පෝස්පරස් හා කැල්සියම් ලබාගත යුත්තේ සමාන අනුපාතයකටය. වැඩි වශයෙන් පැණි බීම පානය කරන පුද්ගලයෙකුගේ මේ සමතුලිතතාව බිඳ වැටීමෙන් වැඩි පොස්පරස් ප‍්‍රමාණයක් ශරීරයට එක් වේ. මේවා ඇසිඞ් තත්වයක් සේ පවතින නිසා ශරීරයට ආමිලික තත්වයක් ඇති කරන අතර, එය කැල්සියම් අවශෝෂනයටද ගැටළු ඇති කරනු ලබයි.
බෝතල් කළ පලතුරු බීමද ඉතා ජනප‍්‍රිය පානයකි. බොහෝ දෙනෙකු සිතා සිටි්නනේ මෙය ඉතා හොඳ පෝෂ්‍යදායි පානයක් ලෙසය. පෙර පරිදිම ජලය, සීනි වර්ණකාරකවලට පළතුරු සුළු ප‍්‍රමාණයක් එකතු කිරිමෙන් මේවා නිෂ්පාදනය කෙරේ. අධික සිනි ප‍්‍රමාණයක් අඩංගු මෙම පැණි බීම මගින් ලබාගත හැකි පෝෂණයක් නොමැත.
වර්තමානයේ බොහෝ අයට ස්වභාවික පලතුරු මගින් පතුරු යුෂ සකස් කර පානය කිරිමේ නැඹුරුතාවයක් තිබේ. මෙහිදිද පැන නඟින ගැටලූකාරි තත්වය වන්නේ යුෂ ලෙස සකස් කිරිමේදි සීනි හා ලූණු එක් කිරිමෙන් සෞඛ්‍යයට අහිතකර තත්වයක් අති කිරිමයි. එමෙන්ම ආහාර ලෙස ගැනීමේදි තෘප්තිමත්භාවයක් ළඟා කරගත නොහැකි වේ. පලතුරු ආහායරට ගැනීමෙන් එහි අඩංගු සීනි බාලනයික් යුතුව ශරීරයට අවශෝෂණය කරගන්නා අතර, පලතුරු යුෂවල අඩංගු සීනි වඩාත් ඉක්මනින් ශරීරයට අවශෝෂණය  කරගනියි. පලතුරු යුෂ පානය කරන්නේ නම් සීනි නොදමා පානය කිරීමට වගබලා ගන්න. පලතුරු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින්  “C” ප‍්‍රතිඔක්සිකාරකයක් ලෙස ක‍්‍රියා කරන අතර, එය දත්වල හා සමේ නිරෝගීභාවය ඇති කරනවා මෙන්ම පිළිකා වළක්වා ගැනීමටද උදව් වේ. පලතුරු කෑමෙහි ඇති තවත් වාසියක් වන්නේ එහි පෝෂ්‍යදායි ගුණය 100%ක්ම ලැබීමත්, පලතුරුවල අඩංගු තන්තුවලින් රෝග වළක්වා ගැනීමේ හැකියාවත් සහ ආහාර පාලනය ඇති කරගත හැකි වීමත්ය.
වර්තමානයේ සුපිරි වෙළෙඳසැල්වල කල්තබා ගත හැකි පලතුරු යුෂ මිලදි ගැනීමට තිබේ. එහි ලේබලයේ ‘සීනි එකතු කර ඇත ‘හෝ ’ සීනි එකතු කර නැත’ යනුවෙන්ද සඳහන් කර තිබේ. මෙහි සීනි එකතු නොකළ පළතුරු යුෂවලට යොමු වනවානම් වඩා හිතකරය. නමුත් හැකි සෑම විටකම දේශිය ස්වභාවික පලතුරු පානය කෙරෙහි යොමුවීමෙන් වැඩිපුරාම වාසිලබාගත හැකිය. මන්ද නිරෝගිකම යනු අපට ඇති උතුම්ම ලාභය නිසාය.
ශක්තිජනක පාන වර්ගද  (Energy Drinks) වෙළෙඳපොලේ දකින්නට ඇති ජනප‍්‍රිය පාන වර්ග වේ. මේවා ශක්තිය ලබාදෙන පානයන්ය. කය නොවෙහෙසවා වැඩ කරන්නට මේවා කොහෙත්ම සුදුසු නොවේ. වෙළෙඳ පොළේ Diet (ඩයට්) නමින් හඳුන්වන පැණි බීම වර්ගවලද කෘතිම රසකාරක එකක්ර තිබේ. සීනි ප‍්‍රමාණය අඩු වූවත් දිගුකාලිනව මේවාට යොමුවීමෙන් ස්ථුලතාව ඇති වේ. ඊට හේතුව වන්නේ මේවා ආහාර රුචිය වැඩි කරන බැවිනි.
අපේ ශරීරයට අහිතකර මෙවැනි පානයක් වෙනුවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට යොදාගත හැකි වෙනත් පානයක්ද පවති.
එනම්,
හොඳම විකල්පය වන්නේ ජලයයි. වැඩිපුර ජලය පානය කරන්න. ජලය වැඩිපුර පානය කිරීමට නම් දෙහි යුෂ බින්දු කිහිපයක් දමා පානය කළ හැකියි.
තේ හොඳ පානයකි. නමුත් ප‍්‍රධාන ආහාර වේල් අතර පානය කිරිමෙන් සහ සීනි එක්කර ගැනීමෙන් වළකින්න.
විවිධ වර්ගයේ කැඳ වර්ග හා දේශිය පාන වර්ගවලට යොමුවන්නේ නම් විවිධ පෝෂණ ගුණ ලැබේ. තැඹිලි. කුරුම්ඹා වැනි ස්වාභාවික පාන නිරතුරුවම තෝරා ගන්න. මන්ද මේවායේ කිසිම විටක කෘතිම රස කාරක, වර්ණක, කල් තබා ගැනීමේ රසායනික දියර, එකතු කළ සීනි කිසිවක් අඩංගු නොවෙන නිසාය.
කොත්තමල්ලි, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි දේශිය ඖෂධ පාන තෝරා ගැනීමෙන් තිබහට තිත වගේම ශරීරයට සුවයකුත් ළඟා කරගන්නට පුළුවන.
මේ නිසා හැකි තරම් ඔබේ පෝෂණ ගුණය ගැන උනන්දු වන්න. අනවශ්‍ය ලෙස ඊට ඇබ්බැහි වීමෙන් වළකින්න. ඔබ තෝරාගන්නේ පැණි බීමද, එසේත් නැත්නම් පෝෂ්‍යදායි දේශීය පානයක්ද යන්න තීරණය ඇත්තේ ඔබ සතුවය. 
(2017.01.10 අද පුවත්පතේ පළ වු ලිපියක් ඇසුරින්)

jesustodaysl 40 සතිය 2017  දෙසැම්බර් 03


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696