මුස්ලිම් ජනතාව දෙස ප‍්‍රැන්සිස් …


August 13, 2017 12:02 am

මුස්ලිම් ජනතාව දෙස ප‍්‍රැන්සිස් ආකල්පයෙන් බලමු – 2

මුස්ලිම් ගැහැනියකගේ පාද සේදිමේ පණිවුඩය.

ප‍්‍රැන්සිස් පාප්තුමන් මුස්ලිම්වරු ඇමතිමේදි නිතර යොදාගන්නේ ‘‘මගේ සහෝදරයනි’’ යන ඇමතුමයි. එය විලාසිතාවක් නොව එතුමාගේ ගැඹුරු ඇදහිල්ල බව බොහෝ සිදුවීම්, අවස්ථා, ප‍්‍රකාශන මගින් තහවුරු කර තිබේ.
ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් 2013 නොවැම්බර් 24 වන දින ප‍්‍රකාශයට පත් කල සිය පළමු විශ්ව ලේඛනය තුළම ඉස්ලාම් භක්තියන් සමඟ සංවාදය පිළිබඳ පරිච්ෙඡ්ද දෙකක්ම ඇතුලත් කරනු ලැබ තිබේ.
ඉස්ලාම් භක්තිකයන් සමඟ පවතින අපගේ සම්බන්ධතාවය ඉතා වැදගත්භාවයකට යොමු වී ඇත්තේ බොහෝ සම්ප‍්‍රදායීක කිතුනු රටවල් තුළ නිදහස් ලෙස මෙන්ම එම සමාජවලම කොටසක් වී ඉස්ලාම් භක්තිකයන් ජීවත් වන නිසාය. අප මතක තබාගත යුතු දෙයක් වන්නේ ‘‘ඔවුන් ආබ‍්‍රහම්තුමන්ගේ විශ්වාසය මත, කරුණාබරිතවුත් අවසාන දිනයේදි මනුෂ්‍යයා විනිශ්චය කරනු ලබන්නාවූත් එකම දෙවියන් වහන්සේට අප හා සමඟ එක් වී වැදුම් කරන බවයි’’ ඇතැම් ඉස්ලාමීය ශුද්ධ වු ලේඛන තුළ ඇතැම් කිතුනු ඉගැන්වීම්ද රඳවා තබාගෙන ඇත. ඔවුන් ජේසුස් වහන්සේට හා මරියාවන් හට තම ගෞරවය පුද දෙන අතර මුස්ලිම් භක්තිකයන් යාච්ඥාවට හා ආගමික මෙහෙයන් හට සම්බන්ධ
වන ආකාරය විශේෂාකාරයෙන් අගය කළ යුතු වේ. එසේම දෙවියන් වහන්සේට සදාචාරාත්මකව කැපවීම හා අන්ත අසරණයන් හට පිහිට වීමද ඔව් හු පිළිගනිති.

ඉස්ලාම් භක්තිකයන් සමඟ සංවාදයේ යෙදීමට පෙර එයට සහභාගීවන සියලූ දෙනා පුහුණුවකට ලක් විය යුතු වේ. අප රටවල් තුළට පැමිණෙන ඉස්ලාම් භක්තිකයන් සාදරයෙන් පිළිගත යුතු සේම ඉස්ලාමීය සම්ප‍්‍රදායන් පවතින රටවල් තුළට එසේම අප රටවල් වල වෙසෙන වැසියන්ද පිළිගත යුතු වේ. තවද මා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඉස්ලාම් භක්තිකයන් බටහිර රටවල් තුළ නිදහස් ලෙස තම දහම අදහන සේ ඉස්ලාමීය රටවල් තුළත් කිතු දහම ඇදහීමට අවසර ලබා දිය යුතු යන්නය. වියවුල් සහගත සිදුවීම් සහිත සාහසික මූලධර්මවාදය හා පිළිකුල් සහගත දේ අත් හැරීමට මඟ පෙන්වන නියම ඉස්ලාම් භක්තිකයන් හට අපගේද ගෞරවය හිමි විය යුතු වේ. මක්නිසාදයත් අව්‍යාජ ඉස්ලාම් දහම සහ කුරානය ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධ වන බැවිනි.

පුහුණුවක අවශ්‍යතාවය

ඉහත ඡේදයයන් මගින් උන්වහන්සේ කිතුනුවන්ට මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ටද එකවර ආමන්ත‍්‍රණය කරයිි. එය ගැඹුරු ඇමතුමකි. උන්වහන්සේ ඉතා පැහැදිලිව අවධාරණය කරන කරුණක් වන්නේ මුස්ලිම් ජනයා සමඟ සංවාදයට කිතුනු ප‍්‍රජාව පුහුණුවක් ලැබිය යුතු බවයි. එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ දැනට පවතින ස්ථාපිත අදහස් මත සිට අපට ඒ සංවාදය කළ නොහැකි බවයි.
ශී‍්‍ර ලංකාවේ කතෝලික සභාව ලෙස අප මේ සඳහා ගෙන ඇති පියවර මොනවාද?. එවැනි පියවරක් තබා රාජපක්ෂවාදි ජාතිවාදයෙන් මිදි ඉස්ලාම් ජනයා දෙස බැලීමටවත් ලාංකේය සභාව සමත්ව ඇති බවක් නොපෙනීම කනගාටුවට කරුණකි.

ඉස්ලාම් ස්ත‍්‍රියකගේ පා දෝවනය.

ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් විසින් මහ බ‍්‍රහස්පතින්දා දේව මෙහෙයේදි මුස්ලිම් කාන්තාවක් පාද දෝවනයට තෝරාගෙන ඇගේ පා දෝවනය කිරීම මුළු මහත් ලෝකයේම ඇස් ඇරවන්නක් විය. ඒ සංඛේතාත්මක ක‍්‍රියාව මගින් උන්වහන්සේ කිතුනු ලෝකයට දුන් පණිවුඩය ප‍්‍රබල එකකි. අප එය වටහා ගන්නා බවක් නොපෙනේ.
ස්ත‍්‍රියක් තෝරාගැනිම තුලින් එතුමා මුස්ලිම් ලෝකයටද පණිවුඩයක් ලබා දෙයි. මුස්ලිම් කාන්තාවක් මතු නොව කාන්තාවක් පාද දෝවනයට යොදා ගැනීම පවා මෙරට ඇතැම් පූජක තුමන්ලා කතා බහට ලක් කළේ පිප්සු වැඩක් යන ආකල්පයෙනි.
පූජක සමුළුවකදි හැට විය ඉක්ම වු පූජක තුමෙකු අසා තිබුනේ ‘‘අපි දැන් කාන්තාවන්ගේ පාද සෝදලා ඒ පාද සිප ගත යුතුද ? යන ප‍්‍රශ්නයයි. පාප් තුමන්ගේ පණිවඩුයට විවෘත වීමට අප කොතරම් දුරක් යා යුතුව තිබෙනවාද යන්න මේ ප‍්‍රශ්න කිරිම මගින් පෙන්වා දෙයි.

සරණාගත පවුලක් බාර ගැනීම.

අයි. එස් ත‍්‍රස්ත ක‍්‍රියා සමඟ ඇති වු සරණාගත ප‍්‍රශ්නය ඉතා බරපතල එකක් වු බව අපි දනිමු. මුස්ලිම් සරණාගතයින් වෙත දේව දයාව පෑම අපගේ යුතුකමක් බව සුදතුම් පියාණන් පෙන්වා දුන්නේ වචනයෙන් පමණක් නොවේ. මුස්ලිම් සරණගත කඳවුරක් බැහැ දැකීමට ගිය සුදතුම් පියාණන් මුස්ලිම් පවුලක් තමන් සමඟ ජීවත් වීමට වතිකානුවට රැුගෙන ආවේය.
එම ක‍්‍රියාව ලෝක නායකයින්ට විශේෂයෙන් යුරෝපීය නායකයින්ට සරණාගතයින් භාර ගැනීම පිළිබඳ යලි සිතා බැලීමට විශාල බලපෑමක් කළ බව විචාරක අදහසයි.
මුස්ලිම් ත‍්‍රස්තවාදය ගැන.
ලෝකය තුල ‘‘මුස්ලිම් ත‍්‍රස්තවාදය’’ ‘‘ඉස්ලාමීය ත‍්‍රස්තවාදය’’ යන වචනය බටහිර ජනමාධ්‍ය විසින් යොදාගන්නේ ‘‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය’’ භාවිතා කල ආකාරයටමය. ‘‘ත‍්‍රස්තවාදය’ සමඟ ‘මුස්ලිම් ත‍්‍රස්තවාදය’ ලෙස යෙදීම සාවi ප‍්‍රකාශකයකි. එය හිතාමතා කරන මාධ්‍ය ත‍්‍රස්තවාදයකි.
මේ පිලිබඳව ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් ඉතා ප‍්‍රබල ප‍්‍රකාශයක් කරනු ලැබුවේ එතුමා ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදි මුස්ලිම් නායකයින් හමු වී ආපසු පැමිණෙද්දි ජනමාධ්‍යවේදින් එතුමාගෙන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදි ජනමාධ්‍යවේදින් ඇසු එක් ප‍්‍රශ්නයක් වුයේ මේ හමුවීම තුලින් ලබාදෙන පණිවුඩය කුමක් ද යන්නයි. එතුමාගේ පිළිතුර වන්නේ ‘‘හමුවීම ම තමයි පණිවුඩය’’ ඔබ සංවාදය, කතා බහ ආරම්භ කල යුතුයි. ජනප‍්‍රිය මතුපිට මතවාද තුල සිර වී සිටින්න එපා.
එතුමාගෙන් ඇසු තවත් ප‍්‍රශ්නයක් වුයේ ‘‘මුස්ලිම් ත‍්‍රස්තවාදය’’ ගැන ඔබ තුමන්ගේ අදහස කුමක්ද යන්නයි. අයි එස් ත‍්‍රස්තවාදින් විසින් කිතුනු විශ්වාසිකයින් සෑහෙන පිරිසක් ඝාතනය කර තිබු පසුබිමක් තුල ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් ලවා ඊට එරෙහිව තදබල ප‍්‍රකාශයක් ලබා ගැනීම මාධ්‍යවේදින්ගේ අරමුණ වු බව පෙනුනි. එහෙත් සුදතුම් පියා දුන් පිළිතුරින් මාධ්‍යවේදින්ට නිහඬ වීමට සිදු වුනි.
මම වගේම ඔබත් ඉතාලියේ පත්තර කියවනවා ඇති. ඒ පත්තර දිනපතා කොතරම් ප‍්‍රචන්ඩ ක‍්‍රියා වාර්තා කරනවාද පිහි ඇනුම්, මිනි මැරිම්, එකම පවුලේ අය අතර එකම ගමේ අය අතර සිදු වන අපරාධ, කිතුනුවන් ලෙස බව්තිස්ම ලැබු අය අතින් සිදුවන අපරාධ. අප ඒවා ‘‘ක‍්‍රිස්තියානි ත‍්‍රස්තවාදය ලෙස හඳුන්වනවාද?’
පාප්තුමන් ජනමාධ්‍යවේදින්ට ආරාධනා කළේ ත‍්‍රස්තවාදයට ජාතියක්, ආගමක් නැති බව තේරුම්ගන්නා ලෙසයි. කිතුදහම, බුදු දහම, ඉස්ලාම් දහම, යුදා දහම ආදි කිසිවක් ත‍්‍රසතවාදි නොවේ. ත‍්‍රස්තවාදි නම් එය කිතනු, ඉස්ලාම් විය නොහැකියි. ‘මුස්ලිම් ත‍්‍රස්තවාදයක්’ පමණක් ලෝක ජනමාධ්‍ය ඉස්මතු කරන්නේ දේශපාලනික අරුතකින් බව උන්වහන්සේ දුන් පණිවුඩයයි.

මූලික ත‍්‍රස්තවාදය.

ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් වරක් දෙවරක් නොව බොහෝ වාරයක් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙන සත්‍යයක් පවති. එනම් මූලික ත‍්‍රස්තවාදයට කුමක් ද යන්නයි. මූලික ත‍්‍රස්තවාදය පවතින අධිපතිවාදි ගෝලීය වෙළඳ පොළ ආර්ථික ක‍්‍රමය බව උන්වහන්සේ අවධාරණය කර ඇත.

රොහින්යා ජනයා ගැන

බුරුමය නැත්නම් මියන්මාරයෙ වෙසෙන රොහින්යා මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව දියත් කර තිබෙන පීඩාව නරත කල යුතු බවට ඉතා පැහැදිලි ප‍්‍රකාශයක් සුදතුම් පියාණන් විසින් කරනු ලැබුවේය. නොබෙල් ත්‍යාගලාභී මියන්මාර් නායිකා අවුන්සාන් සුකි මියන්මාර් බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදි පිරිසකගේ රෝහින්යානුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඉදිරියේ නිහඬව සිටින බවක් පෙනී යද්දී පාප්තුමන්ගේ ප‍්‍රකාශයේ වටිනාකම ඉතා ඉහළ එකකි.
2015 දී පාප්තුමන් ප‍්‍රකාශයට පත් කල දේව දයාවේ වසරේදි එතුමා පැහැදිලිව කි‍්‍රයා සිටියේ සියළු දෙනාට දේව දයාව හිමි බවයි. එලෙසම ජුදා හා මුස්ලිම් ජනයාටද දේව දයාව හිමි බවයි.
විශේෂයෙන් ජෙරුසලම, පලස්තීනය, ඊශ‍්‍රායලය මුල්කරගෙන ජුදා හා මුස්ලිම් ජාතින් හා ආගමිකයින් අතර ඇති වී තිබෙන විරසකය සමහන් කර සංවාදය පිණිස පහසුකම් සපයන්නෙකු ලෙස ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් විශාල වැඩ කොටසක් සිදු කරනු ලබයි.
අප සංවාදයට සාමයට පාලම් තනන්නන් විය යුතුවා මිස මාර්ග බාධඛ නොවිය යුතු බවට උන්වහන්සේ පෙන්වා දෙන කාර්යය ශී‍්‍ර ලංකාව තුල මුස්ලිම් කිතුනු සංවාදයක් තුලින් ක‍්‍රියාවට නැංවීමට අප තවත් ප‍්‍රමාද කළ යුතු නැත.
දෙවියන්ගේ කැමැත්ත වන්නේ ප‍්‍රැන්සිස් පාප්තුමන් පෙන්වා දෙන මාර්ගයයි. ඒ වෙනුවට සිංහල ජාතිවාදින්ගේ ඇසින් බැලීම යනු අපි පොට වරද්දා ගැනීමකි.

jesustodaysl 24 සතිය 2017අගෝස්තු 13


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696