ඉන්දියානු මුස්ලිම්වරු.


October 15, 2017 8:54 am

මව්ලානා කාන්, අබ්දුල් කලාම් සහ ඉන්දියානු මුස්ලිම්වරු.

අපේ බහු ආගමික ලෝකය සංස්පර්ශ කරන්න ඉන්දියාව කදීම තෝ තැන්නකි. ජූලි 16 ඉරිදා නව දිල්ලියේ අපේ දෙවැනි දිනය. දිනයේ යොමුව ඉස්ලාම් දහම.
උදැසන බෙහෙවින් සුන්දර එකක් ඉතා දුර්ලභ අවස්ථාව්ක උදා වු උදැසනක්. ඉන්දියාව තුළ වර්ථමානයේ ජීවත් වන ඉතාම බලපෑම් සහගත ඉස්ලාම් ගුරුවරයා වන මව්ලානා වැහිඳුදුන් කාන් හමුවීමට අපි නව දිල්ලියේ සාමය හා අධ්‍යාත්මිකත්වය කේන්දුය වෙත ගමන් කළෙමු.
මව්ලානා ජීවිතයේ දසවන දශකය ගෙවමින් සිටින්නෙක්. ඔහු ප‍්‍රථමයෙන් අපව ඇමතුවේ විශාල තිරයක ආධාරයෙන්. ඔහුගේ කුටියේ සිට ඔහු කථා කරන දේට අපි රැුස්වීම් ශාලාවේ සිට ඇහුම්කන් දුන්නෙමු. ඇත්තටම දැන් ඔහුව කථා බහ උදෙසා වෙහෙසට පත් කළ යුතු නැතැයි සිතනවා. නමුත් ඔහු උද්යෝගයෙන් අපිව ඇමතුවා.
මේ මුනිවරයෙක් බදු මිනිසාගේ උද්යෝගය කොපමණද කීවොත් ඔහු අපව ඔහුගේ කුටියට කැඳවූවා සාකච්ඡුා මණ්ඩලපයක් උදෙසා. මව්ලානා දුටු විටම ඕනෑම කෙනෙකුගේ හදවත තුළ ගරුත්වයක් හට ගන්නවා.
මව්ලානා කාන් තමයි සාමය හා අධ්‍යාත්මිකත්ව කේන්ද්‍රයේ නිර්මාතෘ මේ ආයතනය මුළුමනින්ම කැපවී තිබෙන්නේ. ඉස්ලාමයේ ‘‘සාම දර්ශනය’’ ඉස්ලාම් ලෝකයට වගේම සෙසු ලෝකයාටත් හඳුන්වා දීමයි.
හොඳ වචන :ඨදදා උදරා* ප‍්‍රකාශන මාලාවක් ඔහුගේ පුරොගාමිත්වයෙන් ප‍්‍රකාහයට පත් වෙනවා. එහි විශේෂත්වය වන්නේ ළමයා, යෞවනයා, තරුණයා. වැඩිහිටියා දක්වා සෑම සියළු දෙනාවම ආමත්ත‍්‍රණය කරන ඉතා කුඩා පොත් පිංච වල සිට ගැඹුරු දාර්ශනික පොත් දක්වා පැතිරුනු ප‍්‍රකාශන තිබීම.
මව්ලානා කාන් ‘‘සාමයේ දිවැසිවරයා,’’ ‘‘කුරානික ප‍්‍රඥාව,’’ ‘‘ඉස්ලාමය හා ලෝක සාමය,’’ ඉස්ලාමයට හැඳින්විමක් ‘‘සාමයේ යුගය’’ ආදි ‘‘නායකත්වයේ අධ්‍යාත්මික ජීවිතයක්’’ සැබැ ජිහාඞ් ඉස්ලාමයට නැවත සොයා ගැනීම ආදි ලෝක සම්භාවනාවට පාත‍්‍ර වු ග‍්‍රන්ථ රාශියක කර්තෘ වරයාය.

මේ පොත් අප නොදන්නා ඉස්ලාමය අපට පෙන්වා දෙනවා. ඉස්ලාමය යනු අප දන්නා ඉස්ලාමය නොවන බව ඉතා හොඳින් පැහැදිලි කරනවා.
මව්ලානා ඉතා ප‍්‍රබලව කියන දෙයක් තමයි මිනිසා හා විශ්වය නිසියාකාරව බැඳ තබන එකම සංස්කෘතිය වන්නේ සාමය කියන දේ.
ලෝක සාමය වෙනුවෙන් සැබෑ ඉස්ලාමය මතු කරමින් මව්ලානා කර තිබෙන්නේ මෙහෙවෙර ලෝක සම්භාවනාවට පාත‍්‍ර වූවක්.

ඉස්ලාම් තරුණ තරුණියෝ.

මව්ලානා කාන් වට සැලකිය යුතු තරුණ තරුණියන් පිරිසක් එක් රැුස් වී සිටීම සුවිශේෂිව දැනුනු දෙයක්. බොහෝ තැන්වලිද ඉතා පුළුල්ව සිතන මුස්ලිම් තරුණ තරුණියන් ඉන්දියාවේදි අපට මූණ ගැහුනා. මුස්ලිම් අන්තාවාදින්ව පමණක් දකින පිරිස් මේ සාමය යුක්තිය පතන තරුණ තරුණියක්ව මූණ ගැසිය යුතුයි. මව්ලානාගේ එක් මිණිබිරියක් වු මරියා කාන් ඒ අතර ඉදිරියෙන් සිටි යුවතියක් තම සීයාගේ අධ්‍යාත්මිකත්වය උරා පෙරාගෙන ඉදිරියට ගෙන යාමට මරියා කැප වී සිටිනවා.

කියවීම හා ඉස්ලාමය.

මව්ලානා අප එකිනෙකාට ම ඔවුන්ගේ ප‍්‍රකාශන කට්ටලයක් බැගින් තෑගි දුන්නා. ඔහු එය නම් කළේ (Spiritual Gift) ලෙස.
සැබැවින්ම හොඳ පොත එක අධ්‍යාත්මික ත්‍යාගයක්. මව්ලානා කියවීම ගැන කතා කරමින් අපට කිව්වේ ‘කුරානය’ යන අරාබි වචනයේ තේරුම (To be read) බවයි. ඔහු කියන්නේ ‘කියවා තේරුම් ගන්න. තේරුම් ගෙන කි‍්‍රයා කරන්න’’ කියලයි.
‘‘සියලූ මිනිසුන් හා ගැහැනුන් දෙවියන් ඉදිරියේ සමානයි. වෙනස් කම් ඇත්නම් ඒවා මැවුම්කරු හා මැවිල්ල විසින් ලබාදුන් දේවල් අපි ඒ වෙනස්කම් පිළිගත යුතුයි.’’ මව්ලානා එහෙම කිව්වේ අපේම හිතවතෙක් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඉන්දියානු ඉස්ලාමය.

විශේෂයෙන් අප පෙර කී කරුණ පිරිස් ඵල කළ අදහසක් වුනේ ‘‘අපි ඉන්දියානු මුස්ලිම්වරු’ ‘අරාබි මුස්ලිම්වරු’’ නොවෙයි. අරාබිය ඇසුරින් ඉන්දියාවේ මුස්ලිම්වරු තේරුම් ගැනීම අසාධාරණයක්.
මේක විශාල සත්‍යයක්. අපි දන්නවා ඉන්දියාවෙන් පකිස්ථානය වෙන් වෙන්නේ පකිස්තානය මුස්ලිම්වරුන්ගේ රට ලෙසින්. ඒ වෙන්වීමෙන් පසුත් ඉන්දියාව තුළ ජීවත් වෙන්න තීරණය කළ මුස්ලිම්වරු කියන්නේ ඇත්තටම ඉන්දියානු මුස්ලිම්වරු. ඔවුන් ඉන්දීය ජාතිකත්වය සමඟ මුසුවීමට තීරණය කළ පිරිසක්.
හින්දු අන්තවාදය ඉන්දියාව තුළ සිටින මුස්ලිම්වරුන්ට එරෙහිව දිගින් දිගටම ක‍්‍රියාත්මක වන බව පෙනෙන්න තිබෙනවා. වර්ථමාන ඉන්දියාව තුළ වඩාත්්ම පීඩාවට පත්වන ජනතාවක් වන්නේ මුස්ලිම්වරු. හින්දු මුස්ලිම් ගැටුමෙන් ඇති වුනොත් සිරගත කරන බහුතරය මුස්ලිම්වරු ඉන්දීය සිරගෙවල වැඩිපුර ඉන්නෝ මුස්ලිම්වරු ඒකට හේතුව ඔවුන් අපරාධකරුවන් වීම නොවෙයි. මහ ජාතිවාදය විසින් කරන යටපත් කිරීම.
16% ක් පමණ වන ඉන්දීයානු මුස්ලිම්වරු ඉන්දීය ජන සමාජයේ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයනවා. ඉන්දියාව ඒ අතින් ශී‍්‍ර ලංකාව අපට වඩා පෝසත්.
ඉන්දීය මුස්ලිම් කියන විශේෂත්වය කදීමට කියාපාන චරිතයක් තමයි අබ්දුල් කලාම්. ඉන්දියාවේ න්‍යෂ්ටික මිනිසා ලෙස හැදින්වු අබ්දුල් කලාම් ඉන්දියාවේ 11 වෙනි ජනාධිපතිවරයා බවට පත්වන්නේ කීර්තිමත් විද්වතෙක් හා විඥයෙක් ලෙස ඉන්දියාවට දැවැන්ත මෙහෙයක් කිරිමෙන් පසුවයි.

අබ්දුල් කලාම්


මව්ලානා කාන් සේම අබ්දුල් කලාම් විශේෂයෙන් ඉන්දීය තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේ ජාතිවාදින් නොවී ඉන්දීය ජාතිකන්තවය වැළඳ ගෙන සංවර්ධිත සාමකාමි ඉන්දියාවක් ගොඩනැගීමට අත්වැල් බැද ගන්නා ලෙසයි.
අබ්දුල් කලාම් ජනපතිව ලෙස පත් වු විගසම වාගේ ගුජරාට් ප‍්‍රාන්තයේ වාර්ගික ගැටුම් වර්ධනය වුනා. එකල ගුජරාටේ ප‍්‍රාන්තයේ මහා ඇමතිවරයා වුයේ වත්මන් ඉන්දීය අගමැති නරෙන්ද්‍ර සිං මෝදි. ඔහු අයත් වන්නේ හින්දු ජාතිවාදය ව්‍යාප්ත කළ භාරගීතය ජනතා පක්ෂයට.
මේ ගැටුම් වලින් පසු ගුජරාටේ සංචාරය කිරිමට අබ්දුල් කලාම් ජනපතිවරයා තීරණය කරනවා. බොහේ දෙනා එය සිදු නොවිය යුත්තක් ලෙස සැලකුවත් ඔහු ඒ සංචාරය සිදු කරනවා. අබ්දුල් කලාම් ඒ ගැන ඔහුගේ අභියෝග මැදින් පොතේ මෙසේ සඳහන් කරනවා.
‘‘වේදනාකාරි තත්වයන් සමහත් කිරිමටත් සහන කටයුතු වේගවත් කිරිමටත් මිනිසුන්ගේ සිත්වල එක්සත් කම වර්ධනයටත් යම් දායකත්වයක් ලබා දීමට හැකි වෙතැයි සිතන බැවින් එහි යාම වැදගත් වගකීමක් ලෙස මම සිතමි.’’
ඕනැම ආගමකට අයිති ඕනැම රට වැසියෙකුට ප‍්‍රිතිමත් ව ජීවත් වීම සඳහා මූලික අයිතිවාසිකමක් ඇත. මිනිසුන්ගේ සිත්වල තිබෙන්නාවු සමග‍්‍රිය අනතුරේ හෙලීමට කිසිවෙකුටත් අයිතියක් නැත. අපේ රට සැබැ ලෙස අද්විතිය ශ්‍රේෂ්ඨකත්වය පත්වන්නේ එම සාමුහික මගිනි.
සෑම පුද්ගලයෙකුට ම තමන්ගේ ආගම සංස්කෘතිය සහ භාෂාව කෙරෙහි දක්වන විශ්වසය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරිමට මූලික අයිතිවාසිකමක් තිබේ. එයට අකුල් හෙළන කිසිවක් අප කළ යුතු නැත.
අබ්දුල් කලාම් ඉන්දිය අධ්‍යාත්මිකත්වය හා මුසු වු ඉන්දියානු ඉස්ලාමය ප‍්‍රකාශ කළ බවට අප ඉහතින් කළ සඳහන සත්‍යයක් බව ඔහු ජනපති නිවසින් පිට වී යද්දී ආපසු රැගෙන ගියේ ඔහු රැුගෙන ආ සූට්කේසය පමණක් වීමෙන් ප‍්‍රත්‍යක්ෂ වෙයි.
ඉස්ලාම් භක්තියෙකු වු කලාම් ජනපති ධූරයෙන් ඉවත්ව යාම පිළිබඳ සටහන් කරන්නට තෝරාගත්තේ භගවත් ගීතයේ උද්ධෘතයකි.
මල් දෙස බලන්න
ඒවා සුවඳ හා මල් පැණි ලබා
දෙන්නේ කොතරම් නිදහස් ලෙසද
සිය කර්තව්‍ය නිමා වීමෙන්
පසු එවා සන්සුන් ලෙස පරව යයි.
ඔහුගේ එම ආදර්ශ පාඨය අනුවම ඔහු පියාපතක සැහැල්ලූවෙන් අවසන් ගමන් ගියේය. ඔහුගේ වත්කම් වුයේ පහත ඒවා බව හඳුනා ගැනින.
කලිසම් 6 යි කමිස 4 යි
සූට් 3 ( ඉන්දියන් 2 යි බටහිර 1 යි)
ප්ලාට් (මහල් නිවාස) 1 යි (පරිත්‍යාගයක් ලෙස ලැබුණකි.)
පද්ම ශී‍්‍ර සම්මාන 1 යි
භාරත රත්න සම්මාන 1 යි
උසස් උපාධි 16 යි
වෙඞ් අඩවි 1 යි
ටුවිටර් ගිණුම් 1 යි
ඊමේල් හැදුනුම්පත් 1 යි
මෝදිගේ හිත්දුන්ව රාජ්‍ය ව්‍යාපෘතිය මගින් පීඩාවට පත් කරනු ලබන්නේ එවන් අධ්‍යාත්මයකින් යුක්ත වු ඉන්දියානු මුසල්මානුවන් වීම කනගාටුවකි.
එහෙත් මව්ලානා කාන් හා අබ්දුල් කලාම් වැනි ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් මෙන්ම මරියා කාන් වැනි නව ඉන්දියානු ඉස්ලාම් තරුණ පුරපුරද අන්ධකාරය මැද රිදි ඉරි සේ බබළයි.

jesustodaysl 33 සතිය 2017 ඔක්තෝම්බර් 15


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696