සොබාදහමේ සාන්තුවරයා


October 8, 2017 5:48 am

සොබාදහමේ සාන්තුවරයා
(අසීසියේ ප‍්‍රැන්සිස් තුමා)

මධ්‍යම ඉතාලියේ අසීසි නුවර ධනවත් රෙදිපිළි ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු ලෙස ක‍්‍රි.ව.1182 දී උපත ලද මෙතුමා ආගම් බේදයකින් තොරව ලෝක ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍රවන්නේ සොබාදහම පිළිබ`ද එතුමා දැක්වූ ගැඹුරු ලැදියාව නිසාවෙනි.
ප‍්‍රීතිමත් නිදහස් ජීවිතයක රහස වන්නේ විශ්වය, සොබාදහම සමග ඉතා කිට්ටු සබදතාවයක් ඇති කර ගැනීම බවත් ඒ ස`දහා ධන තණ්හාවෙන් මිදුණු අල්පේච්ඡු සරල දිවි පැවැත්මක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බවත් එතුමාගේ දැක්ම විය.
මෙතුමා සොබාදහම තුළින් දෙවියන්ගේ ස්වරූපය හා සැලැස්ම වටහා ගත්තේය. මේ සදහා අසීසියේ ඉතා සුන්දර ක`දුකර පෙදෙස්වල එතුමා ගත කළ ජීවිතය බලපෑවේය. ඒ හැරුණු විට මේ ස`දහා එතුමාව පෙළඹූ ප‍්‍රධාන බයිබල් පාඨයක් විය.
”අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. එහෙත් ඔබගේ ස්වර්ග ීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. කෙතේ මානෙල් වැඩෙන සැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සියළු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් වුවද මේ මල් වලින් එකක් සේ සැරසී නොසිටියේය. ”
කිතුතුමන්ගේ මේ වදන් ෆ‍්‍රැන්සිස්තුමාව සොබාදහම තුළින් දෙවි`දුන් දකින්නට යොමු කළ අතර එතුමා සොබාදහමේ දරුවෙකු බවට පත් විය. මුළු විශ්වයම සම`ග සාංඝික වූ එතුමන් සතා සිව්පාවා පක්ෂීන් මත්ස්‍යයන් තුරුවැල් පමණක් නොව කුහුඹුවන් පවා සැළකුවේ තම සහෝදරයන් හා සහෝදරියන් වශයෙනි.
සොබා දහමේ සියළු වස්තු කෙරේ ඉමහත් ගෞරවයකින් ආදරයකින් සලකන්නට එතුමා පෙළඹුනි.
එතුමා විසින් රචිත සූර්යයාගේ ගීතිකාව තුළින් මේ දැක්ම පැහැදිළි වේ.
මගේ සමිදුනි
ඔබේ විස්මිත වූ නිමැවුම් උදෙසා
මම ඔබට තුති පැසසුම් කරමි
පළමුව මා ඔබට තුති පුදන්නේ
සහෝදර සූර්යයා උදෙසාය
අපට දාවලත් ආලෝකයත් දෙන්නේ ඔහුය
ඔහු පියකරුය
මහත් වූ තේජශ‍්‍රීයකින් බැබළෙන්නේය.
මහෝත්තම වූ ඔබ ගැන
ඔහු අපට උගන්වන්නේය
සොයුරියන් වූ සදු හා තරු උදෙසාද
මාගේ සමි`දුනි
මම ඔබට තුති පැසසුම් කරමි
ඉහළ අහසේ ඒවා තැන්පත් කළේ ඔබය
ඒවා පැහැසරය. පියකරුය. සුන්දරය.
සහෝදර සුළග උදෙසාද
මාගේ සමි`දුනි ඔබට ප‍්‍රශංසා වේවා !
ම`දනළට හා වළාකුලූ වලටද
සන්සුන් නොසන්සුන් හැම දේශගුණයකටමද
මම තුති පුදමි
ඔබේ නිමැවුමක් වන අපට
ඔබ ජීවිතය සපයන්නේ ඒවා මගිනි.
සොයුරි ජලය උදෙසාද
මාගේ සමි`දුනි ඔබට ප‍්‍රශංසා වේවා !
ඈ අතිශයින් ප‍්‍රයෝජනවත්ය.
නිහතමානීය පිවිතුරුය.
මනා අගයකින් යුක්තය.
සහෝදර ගින්න උදෙසාද
මාගේ සමි`දුනි ඔබට ප‍්‍රශංසා වේවා !
ඔහු තුළින් ඔබ අපගේ රාත‍්‍රිය
ආලෝකමත් කරන්නේය.
ඔහු ප‍්‍රසන්නය ප‍්‍රිය ජනකය.
බලවත්ය ශක්තිමත්ය.
අපගේ සොයුරියද අම්මාද වන
මහ පොළොව උදෙසා
මාගේ සමි`දුනි ඔබට ප‍්‍රශංසා වේවා !
අපව උසුලා සිටින්නෙත්
ගමන්ම`ග අපට දක්වන්නේත් ඕ තොමෝය
නේක වර්ග පලතුරුද
වර්ණවත් පුෂ්පයෝද තෘණ වර්ගද
බිහි කරන්නේ ඕ තොමෝය
අසීසියේ ෆ‍්‍රැන්සිස්තුමන්ගේ විවිධ දේශනා හා පැතුමන් පිළිබදව විවිධ කතන්දර ඇතුළත් ලිපි ලේඛන අතුරින් ඇතැම් ඒවා අද ලොව පුරා පරිසර හිතකාමීන්ගේ හා පරිසර සංවිධානවල මූලාශ‍්‍ර ලේඛන බවට පත්ව ඇත. එම ලේඛන සිංහලට පරිවර්තනය වී තිබෙන්නේ ඉතා අඩු වශයෙන් වීම කණගාටුවට කරුණකි.
ඇතැම් කතන්දර අනුව එතුමා මත්ස්‍යයන්ට මල්වලට කුරුල්ලන්ට පවා දේශනා කර ඇති බව ස`දහන් වේ. මේ එවන් එක් දේශනයක කොටසකි.
මාගේ කුඩා පක්ෂි සහෝදර සහෝදරියනි. ඔබ ඔබේ මැවුම්කාර දෙවි`දුන්ගෙන් බොහෝ දීමනා ලබාගෙන ඇත. ඔබ මැවූ දෙවි`දුන්ට ඔබ සැම විටම ණය ගැතියි. එතුමන්ට සැමදා සෑම තැනම ප‍්‍රශංසා කරන්න. පියාපත් ගහනයකින් එතුමෝ ඔබ සරසා ඇත. බාධකයකින් තොරව ලොව පුරා ගුවන් ගැබේ පියාසර කිරීමට ඔබට නිදහස දී ඇත. ඔබේ වර්ගයා නැති නොවන සේ එතුමෝ නෝවාගේ ගැබේ ඔබව ආරක්ෂා කළේය. එසේම ඔබට සිසිල දෙන වාතයද ඔබට ලැබෙන්නේ එතුමාණන්ගෙන්ය.
එපමණක් නොවේ. වපුරන්නට හා අස්වනු නෙළන්නට සලස්වන්නේ නැතිව එතුමෝ ඔබට ආහාර දෙන්නේය. වතුර බීමට ගංගා ඇළ දොළ එතුමෝ ඔබට ලබාදී ඇත. ඔබේ රැුකවරණයට ක`දු හෙල්ද කැදලි තැනීමට උස් ගස්ද ඔබට දී ඇත. ඔබ වියන්නට හෝ නූල් කටින්නට නොදන්නා නමුත් ඔබව හා ඔබේ පැටවුන්ට එතුමෝ අලංකාර ලෙස අන්දවති. ඔබට ලැබී ඇති ආශීර්වාද දෙස බලන විට ඔබේ මැවුම්කරු ඔබට කොතරම් ආදරේදැයි කියා ඔබට පෙනී යා යුතුය. එබැවින් මගේ සොයුරු සොයුරියනි. කෙළෙහිගුණ නැතිකමේ පාපයෙන් ඔබ ප‍්‍රවේශම් වන්න. හැම විටම හැම තැනම දෙවියන්ට ප‍්‍රශංසා කරන්න. අමතක නොකරන්න.
අසීසියේ ෆ‍්‍රැන්සිස්තුමන් එසේ කියනවාත් සම`ගම කුරුළු රංචුවම ඉමහත් අලංකාර නදින් සංගීතාත්මක නාදයක් පිට කළ බව ප‍්‍රකාශ වේ.
අසීසියේ ෆ‍්‍රැන්සිස්තුමන්ගේ ජීවිත කථාව අළලා නිපදවූ ජනප‍්‍රිය චිත‍්‍රපටිය නම් කර ඇත්තේද ” හිරු සොයුරේ සද සොයුරියේ” යනුවෙනි. එතුමාගේ අදහස් ඇසුරින් ලියැවුනු තේමා ගීතයේ සිංහල පරිවර්තනය මෙසේය.
හිරු සොයුරේ සද සොයුරියේ
මම ඔබව දකින්නේ කලාතුරකින්
ඔබේ හ`ඩ ඇසෙන්නේ කලාතුරකින්
ඒ මගේ සිත කාලකණ්ණි ආත්මාර්ථයෙන්
වැසී ඇති නිසයි.
මම දෙවි`දුන්ගේ මැවිල්ලකි
එම මැවිල්ලේ පුරුකකි
මට දැනෙනවා එතුමන්ගේ ආදරය
මගේ හද අවදි කරන බව
සුළං සොයුරේ වායු සොයුරියේ
මා අවට ඇති අලංකාරය දකින්නට
පිරිසිදු හා සාධාරණ වූ දසුනක් වෙත
මගේ දෙනෙත් විවර කරන්න
හිරු සොයුරේ – සද සොයුරියේ
මට දැන් ඔබව පෙනෙනවා
ඔබේ ගී හඩ ඇසෙනවා
මම දකින සැම දේ සමගම
ආදරයෙන් වෙළී සිටිමි.
වරක් එතුමා ගුටීයෝ නගරයට පැන මිනිසුන් අතර සපා කමින් මහා භීතියක් සන්ත‍්‍රාසයක් ඇති කළ වෘකයෙකු සොයා වනයට ගිය බවට කතන්දරයක්ද වේ. වෘකයා එතුමාගේ දෙපා මුල වැතිර හීලෑ වී ඇත. වෘකයා නොකන්නත් මිනිසුන් වෘකයාට කෑම දීමටත් එක`ගතාවයක් එතුමා විසින් ඇති කරනු ලැබූ බවත් එසේම වෘකයා පසුපස හඹා නොයනු ස`දහා නගරයේ සිටි බල්ලන්වද එක`ග කරගත් බවත් ඒ කතාවේ ස`දහන් වේ.
මේ පරිසරවේදී සාන්තුවරයාට අත්විය හැකි ඉහළම ගෞරවයක් ලෙස කිතුනු ප‍්‍රජාව සොබාදහම සුරැකීම කෙරෙහි යොමු කරමින් එතුමාගේ මංගල්‍ය සොබාදහම් මංගල්‍යය ලෙස සැමරීමට කටයුතු කිරීමට හැකිනම් එය අගනේය.
එසේම පරිසරය සුරැකීමේ කරිස්මාවෙන් යුතු සංවිධානයක් ලෙස ”අසීසියේ ප‍්‍රැන්සිස් කවයක්” මීසම් මට්ටමින් අරම්භ කිරීම ද සිදු කළ හැකි නම් එය එතුමාගේ ස්ප‍්‍රීතුව ඉදිරියට ගෙන යාමක් වනු ඇත.

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696