ශී‍්‍ර ලංකාවේ නියඟය


August 6, 2017 7:17 am

ශී‍්‍ර ලංකාවේ නියඟය
වියලි පොළවෙන් නැගෙන සමිඳු හඬ


ශී‍්‍ර ලංකාව ආපදාවක් ගැන ඇස් අරින්නට නම් එකවර මිනිසුන් සංඛ්‍යාවක් මිය යා යුතුය. අප එසේ කියන්නේ ශී‍්‍ර ලංකාව තුළ වසරකටත් වැඩි කාලයක් තුල බලපැවැත්වෙන නියඟය ගැන රටේ ජනයාගේ අවධානය තවමත් යොමු වී නැති නිසාය.
මාස දෙකකට පෙර ගංවතුර ගැන කතාබහ කළ ප‍්‍රමාණයටත් වඩා කතා කළ යුතු ක‍්‍රියා කළ යුතු දෙයක් බවට ප‍්‍රදේශ ගණනාවක පවතින නියඟය පත්ව තිබේ.
මේ පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය හා රාජ්‍ය නායකයාගේ අවධානය දැන්වත් යොමු වී තිබීම සතුටට කරුණකි.
හැමදාම මෙරට ඊනියා දේශපේ‍්‍රමින්ගෙන් බැනුම් අසන ලෝක බැංකුව හා එක්සත් ජාතින් ශ‍්‍රී ලංකාවේ නියං තත්වයේ බරපතල කම ගැන වාර්තාවත් ඉදිරිපත් කළේ මීට මාස හතරටක් පෙරය. ඔවුන් එමගින් බරපතල අනතුරු ඇගවීම් කර තිබුණි.
ජනතාවගේ ආර්ථිකය හා සෞඛ්‍ය තත්වයත් එමගින් ජීවන තත්වයක් දිගු කාලිනව බිඳ වැටෙන අයුරු නිදසුන් හා සංඛ්‍යා දත්ත සමඟ ඒ වාර්තාව පෙන්වා දී තිබුණි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත් කරන දිනමිණ පුවත්පත සමඟ බෙදාහරින අරුණෝදය පුවත්පතේ ජූලි 31 දින කලාපය තුල මේ ගැන කිසිවක් සඳහන් නොවුනි.
මේ වියලි කාල ගුණික තත්වය මේ වසරේ ඇති වූවකට වඩා සෙමින් සෙමින් ශී‍්‍ර ලංකාව වියලි දේශගුණ තත්වයක් දක්වා ගමන් කිරිමේ පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රදේශ කීපයක වැසි රටාව අධ්‍යයන කල විට එය පෙනී යයි.
අනුරාධපුර දිස්ත‍්‍රික්කය
2014
වැසි දින ගණන 138
වර්ෂාපතනය මිලිලීටර් 2483
2015 
වැසි දින ගණන 131
වර්ෂාපතනය මිලිලීටර් 2221
2016
වැසි දින ගණන 76
වර්ෂාපතනය මිලිලීටර් 1035
ත‍්‍රිකුණාමලය
2015
වැසි දින ගණන 110
වර්ෂාපතනය මිලිලීටර් 2030
2016
වැසි දින ගණන 73
වර්ෂාපතනය මිලිලීටර් 996
බණ්ඩාරවෙල
2015
වැසි දින ගණන 180
වර්ෂාපතනය මිලිලීටර් 2015
2016
වැසි දින ගණන 101
වර්ෂාපතනය මිලිලීටර් 862

නියඟයෙන් පීඩාවට පත් වූවන්ට වියළි ආහාර ඵලාකයක් දීමට ජනපති නියම කල බව ජූලි 31 සඳුදා පුවත්පතේ වාර්තා කර තිබුණි. එදින වන විට දිස්ත‍්‍රික්ක 17 ක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 127 ක් පුද්ගලයින් 1093717 පවුල් 314049 ක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති බව ද වාර්තා කර තිබුණි.
පානිය ජල ප‍්‍රශ්නයට මේ පවුල් බොහොමයක් මුහුණ දී සිටි. දිගුකාලින සමාජ ආර්ථික, ප‍්‍රතිඵල ගෙන දෙන කරුණක් වී ඇත්තේ ඇතැම් ප‍්‍රදේශවල ගොවින්ට මේ දක්වා කන්න තුනක් වගා කිරිමට නොහැකිවීමයි. ඔවුන්ගේ පවුල් තම කනකර පමණක් නොව ගොවි උපකරණ පවා උකස් තබන තත්වයට පත්ව සිටි. වී වගාවේ බිඳ වැටීම විසඳීමට රටවල් කීපයකින් සහල් ගෙන්වීමට රජය කටයුතු කරන බව ප‍්‍රකාශ වී ඇත.
නමුත් මේ තත්වය ගැඹුරින් සලකා බලා ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇත. එය වැසි ලැබීමත් සමඟ අමතක කර දැමීය හැකි ප‍්‍රශ්නයක් නොවේ.
දෙවිදුන් ශී‍්‍ර ලංකාවට ලබාදුන් සශී‍්‍රක පොළන්‍ වියළි කතරක් බවට පත්වීමට ඉඩ නොදීමට නම් ගෝලීය පරිසර අර්බුදය හඳුනා ගනිමින් පිළියම් යෙදිය යුතුය.
එසේම මේ මොහොතේ නියඟයෙන් දැඩිව පීඩා විඳින ජනයා වෙත සුබසාධනයේ දැත් යොමු විය යුතුය.

jesustodaysl 22 සතිය 2017අගෝස්තු 06


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696