වේ ප‍්‍රශංසා විශ්ව ලේඛන විමසුම – 6


November 19, 2017 5:45 am

විශ්ව සහෝදරත්වයකට මාවත.

මීට වසර 18 කට පෙර අප භක්ති ප‍්‍රබෝධනයට ‘තෙවැනි ඇස’ නමින් පාරිසරික දෙව් දහමක් පිළිබඳ ලිවීම ආරම්භ කරන විට, ඊටත් වසර හතකට පෙර කිතුසර පුවත්පතේ මුල් කලාපයට ලියු ලිපියක සිරස්තලය වූ ‘සොබාදහම සමඟ සාංගිකවීම’ ගැන සඳහන් කළෙමු.
එහිදි අප සඳහන් කළේ අපට පෙනෙනා නොපෙනනා සහස් දරුවන් විශ්වය සතු විය හැකි බවයි. ඒ සියලූ දෙනා සමඟ අපට නෑකමක් ඇති බවයි. අප පෘතු වි වාසියෙක් නොව විශ්ව වැසියෙක් ලෙස, විශ්වයේ මහා මැවුම්කරුවන්ගේ පුතෙකු දුවෙකු ලෙස සිතිය යුතු බවයි.
‘විශ්ව සහෝදරත්වයක්’ පිළිබඳ මෙම අදහස ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් ‘ප‍්‍රශංසා වේවා මා සමිඳුන්ට’’ විශ්ව චක‍්‍ර ලේඛනයේදි ඉතා පැහැදිලිව නිරවුල්ව ඉස්මතු කොට දක්වමින් සොබාදහම සමඟ සාංගික වීමට කිතුනු නොකිතුනු ලෝවැසි ජනයාට ආරාධනා කරයි. සොබාදහම රැුක ගැනීම හුදු ක‍්‍රියාවක් නොව සාංඝික ජීවිත ක‍්‍රමයක කොටසක් බව එතුමා අවධාරණය කරයි.
ස්වභාව ධර්මය රැකබලා ගැනීම, එක්ව හා සාංඝිකව ජීවත්වීමේ හැකියාව ද අන්තර්ගත ජීවන රටාවක කොටසකි. අප එකම පියාණන් වහන්සෙගේ දරු කැළ වන බැවින් අප සෑම සහෝදර සහෝදරියන් බව ජේසුස් වහන්සේ අපට සිහිපත් කළ සේක. සහෝදර පේ‍්‍රමය නොමිලියේ දෙන ත්‍යාගයක් මිස වෙන යමක් නොවේ. එය අප වෙනුවෙන් යමක් කළ අයකුට නැතහොත් මතුවට යමක් කරන්නට අදහස් කරන අයකුට ගෙවීමක් සිදු කරන මාර්ගයක් ද නොවේ. අපගේ සතුරනට පවා පේ‍්‍රම කිරීමට අපට හැකිවන්නේ එබැවිනි. සුළඟ, ඉර හා වලාකුළු පවා අපට පාලනය කරන්නට නොහැකි නමුදු ඒවාට ආදරය දැක්වීමට අප පොළඹවනුයේ මෙම නොමිලයේ දීමේ ගුණාංගය විසිනි. මේ නයින් බැලූ කල අපට, ‘‘විශ්ව සහෝදරත්වයක්’ පිළිබඳව කථා කළ හැකිය.
ඉර හඳ වළාකුළු ගහ කොළ සමඟ වන මෙම විශ්ව සහෝදරත්වය ගැඹුරින් ප‍්‍රකාශ කළ අසීසියේ ප‍්‍රැන්සිස් තුමන් අනු යන්නට අප පමා විය යුතු නැත. ‘‘හිරු සොහොයුරේ සඳ සොහොයුරේ’’ යන එතුමාගේ ආමන්ත‍්‍රණය ගැඹුරු සාංගිකත්වයක ප‍්‍රකාශනයක් මිස හුදු වචනයක් නොවේ.
ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් අසීසයේ ප‍්‍රැන්සිස් තුමන්ගේ ජීවිතයෙන් මෙන්ම කුඩා මල තෙරෙසා තුමියගේ ජීවිතයෙන්ද පරිසරය සුරැුකීම පිළිබඳ පාඩම් අපට කියා දෙයි.
බොහෝ විට පරිසරය රැක කරන කුඩා ක‍්‍රියාවන් පරිසවේදින් හා ක‍්‍රියාධරයින් අතින් ද නොසලකා හැරීමට ලක් වේ. නමුත් සුදතුම් පියාණන් පෙන්වා දෙන්නේ පවතින සුරාකෑමේ ක‍්‍රමය බිඳ හෙලා දැමීමට එකි කුඩා ක‍්‍රියාද ඉතා වැදගත් වන බවයි.
ශාන්ත කුඩා තෙරේසා කන්‍යාව අපට ඇරියුම් කරනුයේ, පේ‍්‍රමය දැක්වීමේ කුඩා මාර්ගය අභ්‍යාස කරන ලෙසය. කාරුණික වදනක්, සිනහවක් නැතහොත් සාමය හා මිතුදම් වඩවන කුමන හෝ කුඩා හැසිරීමක් නොපිරිහෙලා ඉටු කරන ලෙසය. එවැනි අවස්ථා පැහැර නොහරින ලෙසය. ඒකාග‍්‍ර පරිසරවේදයක් ප‍්‍රචණ්ඩකාරිත්වයේ, සුරාකෑමේ හා ආත්මාර්ථයේ න්‍යායන් බිඳ දමන, සරල දෛනික ඉරියව් හා හැසිරිම් වලින් ද සමන්විතය. අවසානයේ කුපිත කරන ලද පරිභෝජන ලෝකයක් ඒ හා සමඟම සියලූ ආකාර ජීවිත වලට අඩන්තේට්ටම් කරන හිරිහැර කරන ලෝකයක් ද වෙයි.
මෙම කුඩා ක‍්‍රියාවන් ‘දේශපාලනික’ වන බවද එතුමා පෙන්වා දෙයි. ඒවා සමාජය වෙත ආදරය පෑමේ වැදගත් ක‍්‍රියාවන් වේ. එම කුඩා ක‍්‍රියා පරිසරය සු?කීමේ වඩා විශාල යාන්ත‍්‍රණයක කොටස් බවට පත් කර ගැනීම සිදු විය යුතුය.
අව්‍යාජ සංවර්ධනයේ යතුර සමාජීය පේ‍්‍රමයයි. ‘‘සමාජය වඩා මානුෂික කිරීමට, දේශපාලනික ද, ආර්ථික ද, සංස්කෘතික ද වන්නා වු සමාජීය ජීවිතය පේ‍්‍රමයේ ජීවිතයක් බවට පෙරළීමට සියලූ කි‍්‍රයාකාරිත්වයන්හි නියත හා උතුම්ම න්‍යාය වශයෙන් අලූත් වටිනාකමක් එයට දිය යුතුය.’’ මෙම සැකිල්ල තුළ කුඩා දෛනික හැසිරිම්වල වැදගත්කම ද සමඟ සමාජීය පේ‍්‍රමය අප මෙහෙයවනුයේ පාරිසරික පරිහානියට තිත තබා සමාජයේ සියලූ අන්තර්ගතයන් වෙත විසරණය වන්නා වු ‘‘රැුකබලා ගැනීමේ සංස්කෘතියකට’’ අනුබල දෙන වඩා විශාල යන්ත‍්‍රණ ගොඩනගා ගැනීමට ය.
සහෝදර දයාව අභ්‍යාස කිරීමේ මාර්ගයක් ලෙස පරිසරය සමඟ සාංගික වීමට අප සෑම පුංචි හෝ පියවරක් ගත යුතුය.

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696