Spell Binder


December 3, 2017 1:53 am

මූල ධර්මවාදි කි‍්‍රස්තියානියත්,
නූතන මිනිස් ස්වභාවයත් පිළිබඳ පුළුල් විවරණයක්
Spell Binder

පශ්චාත් නූතන කිතුනු සාහිත්‍ය යසඳහා මෙවර ඇසුරු කරගන්නේ උතුරු ඇමරිකානු නව කතාවකි.
ඇමරිකානු ලේඛක හැරල්ඞ් රොබින්ස්ගේ අතිශ්‍ය ජනාදරයට පත් වු කෘතියක් වන Spell Binder නව කතාව නූතන ක‍්‍රිස්තියානියේ සුවිශේෂි ප‍්‍රවනතාවයක් නූතන මිනිසාගේ සුවිශේෂි ස්වාභාවය සමඟ පුළුල්ව විවරණය කරයි.
නවකතාවට පදනම් වන්නේ ජනපිි‍්‍රය රූපවාහිනි දේශකයෙකු බවට පත් වු ‘දේව පූජාව’නම් මූලධර්මවාදි කිතුනු නිකායක නිර්මාතෘ වන ඇන්ඩෘ ටල්බට් නම් දේශකයාගේ සත්‍ය ජිවිත චරිතයයි.
නවකතාකරුවා ධනය බලය මත පදනම් වු නූතන ගෝලීය ධනවාදි සමාජයේ නරුමත්වය ප‍්‍රබල විවරණය කරන්නේය. එහෙත් ඒ විවරණය කිසිසේත්ම පුද්ගලයාගේ ස්වභාවය අකාමකා කරන්නක් නොවේ. මේ නූතන ගෝලිය ධනවාදි යුගයේ පුද්ගලයාගේ ගති ස්වාභාවය අවංකව විවරණය කිරිමට සමත් වීමෙන් මෙය ප‍්‍රබල නිර්මාණයක් බවට පත්වෙයි.
කථාව දිග හැරෙන්නේ බෙදා වෙන් කරනු ලැබු ප‍්‍රධාන කොටස් තුනක් ඔස්සේය.
1. ආදරය උදෙසා දෙවියන්
2. ධනය උදෙසා දෙවියන්
3. බලය උදෙසා දෙවියන්
මෙම කොටස් තුන ඉසියුම් ලෙස කථාකරු ගෙත්තම් කරයි.
කථා නායක දේශකරයා ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය කෙරෙහි ලොල් වු පුද්ගලයෙකි. නමුත් ඔහු දෙවියන් කෙරෙහි දක්වන භක්තිය අවංක එකකි. ඔහුගේ වෑයම සත්‍ය ගවේෂණය කිරිමයි. එසේමතමා වටා රොක්වන දුර්වල පාපිෂ්ඨ ජනයා විමුක්තිය වෙත යොමු කිරිම ඔහුගේ අවංක අභිලාශයයි.
එහෙත් සියළු පූජනීය අදහස් ආකල්ප පවා ඉතා සියුම් ලෙස විකුණන ක‍්‍රමයට ඔහු හසුවු බව ඔහුට අවබෝධවන්නේ ඒ මඟිනි. දිගු දුරක් ගිය පසුවය. ආදරය උදෙසා වන දෙවියන් ධනය හා බලය උදෙසා භාවිතා කරන නග්න ව්‍යාපාරය හෙලිදරව් වී ඔහු ඊට එරෙහිව හඬ නැගිම අරඹයි. ඔහුගේ අවසානය කුමක් වේද?
අපගේම ජීවිතයත් සියළු ආගම් වසා පැතිර යන ධනයේ බලයේ ආගමේ හැසිරිමක් පරික්ෂා කර බැලිමේ කැටපතක් මෙම නව කථාව අප ඉදිරියේ තබයි.
කථාව ඇරඹෙන්නේ වියට්නාම් යුධබිමේ සිදුවීමකිනි. ආයුධ දැරිම තම අධ්‍යාත්මිකත්වයට නොගැලපෙන බව සිතන තරුණ දේශකයා සෞඛ්‍ය සේවා සපයන්නෙකු සේ යුධබිමේ සේවය කරයි. මරණ සාන්ත තුවාල ලැබු තවත් ඇමරිකානුවෙකුට බෙහෙත් දැමීමට අදාල උත්සහයකින් කථාව ඇරඹේ. මරණය ආසන්නයේ යුධ සෙබලෙකුගේ හැඟිම
සොල්දාදුවා ඔහුගේ අතේ එල්ලූනි. ‘මං මැරෙවි දේශකයා’’ යි ඔහු පැවසුවේ බියපත් ස්වරයෙනි. ‘‘ඔබට හැකිද මගේ පාපොච්චරණයයට කන් දෙන්නට’’
‘‘නුඹ උමතුවෙන්ද ජෝ ’’
දේශකයා ඔහු දෙස බැලිය
‘‘මම කතෝලිකයෙකුත් නොවෙයි. මා පාදිලිවරයෙකුත් නොවෙයි.
මරණය ඉදිරියේ මිනිහෙකුට නිදොස් හෘද සාක්ෂියක අවශ්‍යතාවය ඉස්මතු කරයි. කි‍්‍රස්තියානියේ විවිධ නිකයාන් සභාවන් අතර වෙනසද අලූත් මූලධර්මවාදි සභාවෙන් හි ප‍්‍රමුඛයන් පාදිලිවරුද නොවන දේශකයින් වැනි නව ප‍්‍රවනතා ඉස්මතු කරයි.
තවද ඇමරිකානු කළු ජාතිකයින්ගේ පීඩාවද ඔවුන්ට බලවත් වීමට ඇති පැවැත්මේ අවශ්‍යතාවයද පෙන්වාදෙන පහත දෙබස නිකායන් හා ආගම් පැවැත්මට ඇති සබඳතාවය ගැන පුළුල චිත‍්‍රයක් මවයි.
‘‘ඔබේ ආගම මොකක්ද?’’ යි ඔහු විමසුවේ කුතුහලයෙනි.
දේශකයා ඔහු දෙස බැලිය.
‘‘මගේ මව ගී‍්‍රක සාධාර්මිකත්වය පිළිපැදි අයෙක්. පියා මෙතෝදිස්ත භක්තිකයෙක්. නමුත් මා හැදුණු වැඩුනු නගරයේ තිබුණු එකම පල්ලිය යුනිටේරියානු පල්ලියක්. මං ගියේ එතැනටයි. එනිසා මා අනුමාන කරනවා මා කවරෙක්ද කියා”
” යුනිටේරියානුවන් හැමදෙනාම කොන්ෂේවරුන්ද? ”
”නැහැ” දේශකයා පිළිතුරු දුනි. ”එය මා විශ්වාස කරන දෙය පමණයි,දෙවියන් කියා තිබෙනවා……”
ජෝ හිනැහුනේය.
”මා හදා ගත්තේ බැප්ටිස්වරුන්.ඔවුන්ගේ දේශනා මා අසා තිබෙනවා.ඔබ සුදානම් වෙන්නේ මට දේශනයක් කරන්න නොවෙයි නේ? ”
දේශකයා ස්වල්ප වේලාවක් ඔහු දෙස බලා සිටියේය.
”නැහැ…”
”ඔවුන් මා ගෙදර යවාවි නේද? ” ජෝ විමසිය.
”සමහරවිට”
”එහෙම නම් නරකක් වෙන්නේ නැහැ”
”නරකම නැහැ..”යි කියු දේශකයා ප‍්‍රථමාධාර පෙට්ටිය වසා දැමුවේය.
”ආපහු ගමට ගියාම මම කළු මුස්ලිම්වරුන්ට එනතු වෙනවා ඔවුන් තමයි දැන් එහේ ඉන්න ලොකුම කල්ලන් ”
දේශකයා නැගි සිටින අන්දම ඔහුට පෙනුණි.
කලින්  කී ලෙස දේශකයාගේ මත්ද්‍රව්‍ය හා ලිංගික ඇබ්බැහිවීමට හේතු සාධක ආරම්භයේදිම කථාකරු අපට ඉදිරිපත් කරයි.
හේතු සත්‍ය ඉදිරිපත් කිරිම සිදු නොවන්නට අපට දේශකයා දැකිය හැකි වන්නේ රැුවටිලිකාර පව්කාරයෙකු සේය.
යුධ බිමේ සිට නැගු ළමයි ගැන ඇති කරගත් හැඟිමක් වෙනුවෙන් පාපොච්චරණය අයදින සෙබලාට දේශකයා දෙන අවවාදයේ තැනින් කථකරු ඔහුගේ ළමා කාලයට අප රැුගෙන ගොස් ඔහුගේ ලිංගික ඇබ්බැහි වීම් පසුබිම කියාපායි.
‘‘ පිරිසිදු සිතුවිලි ඇති කරගන්න’’
‘‘මේග අම්මා නිතරම එහෙම කියන්න පුරුදු වෙලා සිටියා’’
එතැනින් ආරම්භ වන ඔහුගේ නව යෞවනයේ ලිංගික පරිනතිය සමඟ නව යොවුන් ඔහු රෝගි තත්වයක් දක්වාම ගෙනගිය ලිංගිකත්ව ආකර්ශනය ගැනි කොටස ඔහු දෙස දයානුකම්පිතව බැලිමට මඟ පාදයි.
‘ඔහු පෙලූ ඒ තත්වය සමහන් කර ඉදිරියට යාමට මඟ පෙන්වීමක් ඇමරිකානු සමාජය තුලදි පවා මේ නව යෞවනයාට හිමි නොවේ.
නූතන මූලධර්මවාදි සභා පමණක් නොව සෑම සභාවන්ම ආගමක් ම පවතින ධන බල ක‍්‍රමයට හසුවී තිබෙනවා. මිනිසුන්ද අවසාන විග‍්‍රහයේ ජීවිත තීරණ ගන්නේ ආගම නිකාය පල්ලියට වඩා ව්‍යාපාරය පැවැත්ම ගැන සිත බව මේ දෙබස පිළිඹිමු කරයි. දේශකයාගේ තාත්තා වෙනත් සභාවකට අයත් පල්ලියේ භාරකාරත්වයට පත් වීමට ඉදිරිපත් වේ. ඒ තීරණය යොවුන් වියේ සිටින ඔහුට ප‍්‍රශ්නයකි.. ඒ ප‍්‍රශ්නයට මව දෙන පිළිතුර මෙසේය.
‘‘ඔබේ පියාගේ ව්‍යාපාරයට නගරයෙ වැදගත් තැනක් ලැබෙනවා. පල්ලියේ භාරකාරත්වය ලැබීම කියන්නේ ඔවුන්ට ඔහුගේ සහයෝගය අවශය වීමක්’’
තමාගේ ලිංගික හා මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම මත ගැලවීමට වන පිපාසාවෙන් දෙවියන් සොයා යන ගමනක ප‍්‍රතිඵලය ලෙස ඔහු මූලධර්මවාදි කුඩා සභාවක මූලිකයෙකු බවට පත් වේ. ඔහුට ආකර්ශනය වන ඇබ්බැහිවීම් ඇති ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් පිරිසක් ඔහු වට රොක් වේ. ඔවුන් සමඟ මේ කුඩා මූලධර්මවාදි සභාව නඩත්තු කර ගැනිමට ඔහු තම පිරිස සමඟ සියුම්ව මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වේ. ධර්ම ප‍්‍රචාරයට මුවාවි එය සිදු කළත් නීතියේ රැහැනට හමු වීමට ඔහු  අකමැතිය. මත්ද්‍රව්‍ය ගනුදෙනුවට ඔහුට උදව් කරන ඔහුගේ සබඳතා ඇති එක යුවතිය ඔහුට එහි ආදිනව කියාපායි.
‘‘මෙය අවසන් වාරය කරගන්න. එය හුදෙක් මුදල් පමණයි.’’
‘‘නමුත් මට මුදල් උවමනා වෙනවා….’’ යි ඔහු කීය.
‘‘එහෙම නැතිව මම මගේ පවුල රැක ගන්නේ කොහොමද?’’
‘‘හිර ගෙදරට යෑමේ අවදානම ගන්නවට වැඩියේ පහසු මඟක් නැද්ද?
දේශකයා වටා එකතුවන කාන්තාවන් මෙම ක‍්‍රමය තුළ විහලිතභාවයට පත් වන ස්තී‍්‍ර පක්ෂයේ නියෝජනයක්. ලොව පුරා සුව මෙහෙයන් වර්ගයේ හැම ආගමකම පිළිවෙත් වටා ගොනුවන ස්තී‍්‍රය තුළින් නියෝජනය වන දේ අපට අනාවරණය කරනවා. ඒ තුළ භක්තිමය හා උන්මාදනීය ලෙස ලිංගිකත්වයක් බැදි තිබෙනවා.
හාස්කම් සිත් නිවන කතා තුළ ලිංගික ආකර්ශනයක් ගැබ්වි තිබෙනවා. පිටතට අනාවරණය නොවන ලිංගිකත්වයේ කලාපය කථාව අවංකව අනාවරණය කරනවා. පාපය සාධාරනිකරණය කරන මතවාදයක් අර්ථකථනයන් ඉදිරියට එනවා.
‘‘මම ඒක නවතා ගන්න හැටියක් නැහැ දේශකයාත මට ඔබව වැඩියෙන් උවමනායි….’’
ඔහු ඇගේ මුහුණ වසා සිටි දෑත ඉවත් කළේය. ‘‘ඔබ ආදරය කරන්නේ දෙවියන්ටයි චාලි, අපි හැමදෙනා තුළම ඉන්න එකම දෙවියන්ට…..’’
‘‘මම දන්නවා…..’’ යි ඈ හිස සැලූවේ තවදුරටත් නාසයෙන් සිඹිමිනි.
‘‘නමුත් ඔබව උවමනාවීම පාපයක්ද?
‘‘එය පාපයක් වන්නේ එය ආත්මාර්ථකාමි නම් පමණයි….’‘
මේ ක‍්‍රමය තුළ ජනපි‍්‍රය වන හැම දෙයකම මව් දේශපාලනය වාගේම ජනපි‍්‍රය වන ආගම තුළත් මාර බලය මුදල නීති විරෝදීකි‍්‍රයා ලිංගිකත්වය තිබෙනවා.
ආත්මිය අරමුණු ‘‘ව්‍යාපාරය’’ ‘‘සභාව’’ සුරක්ෂිත කිරිම ජනපි‍්‍රය කිරිම අරමුණ සමඟ දියවි යනවා ‘‘ආදරය උදෙසා දෙවිදුන්’’ පරිච්ෙඡ්දය නිවාවන්නේ ධනය උදෙසා දෙවියන් යොදාගැනිමේ ගමන ඇරඹිමෙන්
දේශකයින්ගේ මුවින් දිගටම දෙවියන්ගේ වැඩසිටිම ගැන පැවසෙන උදාහරනය බවට පත්වන්නේ ඔවුන්ට ලැබෙන ආධාර මුදල් වල ප‍්‍රමාණය. දනය සමඟ පේ‍්‍රමය මිය යන බව ඔවුන් දකින්ේන නෑ
‘‘ඔබට මේ මේසය උක කොළපාාට කොළ ගොඩක් තියෙනවා. මං හිතන්නේ ජේසු ව්‍යාපාරය මොහොමඞ් ව්‍යාපාරයට වැඩියේ යහපත් හැඩයි. අපට කවදාවත් මේ වගේ දෙයක් දකින්නට ලැබිලා නැහැ…’’
‘‘එය ව්‍යාපාරයක් නෙවෙයි….’’ දේශකයා කීය
‘‘ අප ජේසුස් වෙත යන්නේ ආදරය, සොයාගෙන…..’’
‘‘ඔබ එයට ඔබට උවමනා නමක් දෙන්න. එ යමට තවදුරටත්  ලොකු වාසනාවක් වගේ පෙනෙන්නේ. ඔබ රන් ගොඩාක් උඩ වාඩිවෙලා ඉන්නේ හාංකවිසියක් වත් ඒ ගැන නොදැනයි……’’
දේශකයා ඔහු දෙස බැලූවේය.
‘‘ඔබ ඇත්තටම එහෙම හිතනවාද?
‘‘ඔනැ නම් ඔට්ටුවක් අල්ලමු… ’’ කළු මිනිසා කීය.
‘‘මට තවම මතකයි මගේ අම්මා ශුභාරංචි රැස්වීමට යනවා.
රූපවාහිනි නාලිකා ආගම අද වෙනක් ආගමක් වෙලා ජනපි‍්‍රයම දේශකයා රූපවාහිනි දේශකයා රූපවාහිනිය තුළට යාම පැහැදිලි ලෙසම ධනය දෙවියන් කරගත් ක‍්‍රමයට නතු වීමයි.
අපගේ කථා නායක දේශකයා ජොක් රැන්ඩල් නම් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික උගුලට හසුවෙනවා. රූපවාහිනියේන මහා ජනකායක් ඇමතිම ඔහු දකින්නේ දෙවියන් දුන් අවස්ථාවක් හැටියටයි. නමුත් රූපවාහිනි දේශකයා යනු ධනවාදයේ තව නිෂ්පාදනයක් පමණයි.
‘‘ඔබ දන්නවාද ඔවුන් රූපවාහිනි දේශකයන් කී දෙනෙකුව නිර්මාණය කරනවාද කියා?’’
ඔහු විමසු පැනයට ඔහුම පිළිතුරු දුන්නේය.
‘‘මිලියන ගාණක්. ඔවුන් රට පුරා ඇවිදිමින් වෑන් රථයක කූඩුවෙලා ඔවුන්ගේ බූරු දේශනා පවත්වන්නේ නැහැ. ඔවුන් යන හැම තැනකම ඔවුන්ගේ ජෙට් යානා වලින් ගිහින් නොම්මබර එකේ හෝටල්වල නවතිනවා.
තව දුරටත් ඔහු  ඔුහ නොවෙයි. ක‍්‍රමය තුළට ආදගත් පසු ඔහු ව්‍යාපාරිකයින්ගේ අලවි භාණ්ඩයක් සැලසුම් සියල්ල ව්‍යාපාරකයන්ගෙන් දේශකයා නිහඬතාවයට පත් වෙනවා. ව්‍යාපාරිකයින් ඔහුව තෝරාගැනිම ගැන ඔහු ප‍්‍රශ්න කරනවා. ජනපි‍්‍රය දේශකයින් තව සිටිනවා. ඒත් ඔවුන්ට තමන්ගේම ව්‍යාපාර තිබෙනවා. අනිත් අතට මිනිසුන් ට කාලයෙන් කාලයට අලූත් වීම අවශ්‍යයි. හරියට පරන සබන් කෑල්ලක් ‘නව’ කියන යෙදුම සමඟ එනවා වගේ’
‘‘ ඔබ කතා කරපු මේ හැමදෙනාම යහපත් මිනිසුන්’’ රැන්ඩල් කීයත ‘‘නමුත් ඔවුන් හැමදෙනාටම අදාළ කටයුතු තියෙනවා. විශාල ව්‍යාපාර, වසරකට මිලියන විස්සක තිහක ආදායම ලබනවා. ඔවුන්ට තමන්ගේ පාලනයෙන් ඉවත් වු දෙයකින් ප‍්‍රතිලාභයක් නැහැ. නමුත් අපි හිතනවා ඇමරිකානු ජනයා අලූත් යමක් බලාපොරොත්තු වෙන බව. එය එක්තරා විදියකට ප‍්‍රදර්ශනාත්මක ව්‍යාපාරයක් හැම අවුරුද්දකම ටෙලිවිෂනයෙන් අලූත් තරුවක් මතු වෙනවා. මට දැනෙන හැටියට ආගමටත් ඒ හා සමාන දෙයක් උවමනා වෙනවා’’
දැන් ඔහුගේ මෙහෙය තනිකරම වෙළඳ භාණ්ඩයක්. ඔහු පවා එතැන සියල්ල තිබෙනවා. දෙවියන් හැර
අදහස් සිත් ගන්නා සුළුයි. නමුත් මට වැඩි පුරම අදාල වන දෙය ගැන තවම කිසි සඳහනක් වුනේ නැහැ. රැන්ඩල් හිස ඔසවා බැලූවේය. ඒ මොකක්ද? ටෙල්බට් පූජක තුමා? දේශකයා හිස නැඹුරුකොට ඔහු දෙස බැලිය. දෙවියන් ඔහු කීය. මේ හැමදෙයකටම එතුමා ගැලපෙන්නේ කොතැනින්ද?
කිතු වදන කියු පරිදි මිනිමෙකුට  ස්වාමින් දෙදෙනෙකුට සේවය කරන්න බැ. ධනයට හා දෙවියන් ඔහු එකකට වෛර කරනවා. දේශකයා වටා සිටින අය දේව වාක්‍ය පවා යොදාගෙන මුදල් දෙවියාට වහ වැටෙනවා. නව සභාවට ඉඩදෙන පල්ලිවලට මුදල් දීමේ ගිව්සුමක් ඔවුන් අතර තිබෙනවා. එය බිඳවැටිම ගැන දෙබස මේ ඇත්ත පවසනවා.
දේශකයා කීය
අපි මීට පෙර වංචා කර නෑ
දැන් එහෙම කරන්නත් මගේ අදහසක් නැ
ඔබ වඩාත් ප‍්‍රායෝගික වියයුතු දේශකයා
ඈ පැවසුවේ උණුසුම් ලෙසය.
සීසර් ගේ දේ සීසර්ට දිය යුතු බවත්. දෙවියන්ගේ දේ දෙවියන්ට දිය යුතු බවත් වටහා ගැනිමට ඔබට කාලය ඇවිත්. අපට ඒ මුදල් වුවමනා කරන්නේ ජීවත් වීමටයි.

jesustodaysl 40 සතිය 2017  දෙසැම්බර් 03


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696