දීවාලි හෙවත් දීපවාලි


October 22, 2017 12:04 am

දීවාලි හෙවත් දීපවාලි ගැන
ජයකොඩි පියතුමා ලියු ගීයක්.


ආගමික සහජීවනය පිළිබඳවත් විවිධ ඇහිලිවතුන් අතර සංවාදය පිළිබඳවත් වන කිතුනු භාවිතාවේදි ශී‍්‍ර ලංකාව තුළ අඩුම අවධානය ඇත්තේ හින්දු දහම පිළිබඳවයි කීවොත් එය නිවැරදිය.
එහිදිත් උතුරේ දී හින්දු ප‍්‍රජාව සමඟ තිබෙන සම්බන්ධය සමඟ සැසදීමේදි දකුණේ දී එවැනි සම්බන්ධයක් ඇත්තේම නැති තරම්ය.
2017 ඔක්තෝම්බර් 18 දීපවාලි දිනදි තබන මේ සටහනට නිමිත්ත වන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා ලියු ගීයකි.
ඊට පෙර ලොව පුරා හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවයේ අරුත කුමක්දැයි විමසා බැලීම උචිතය.
ඇත්තටම දීපාවලියේදි සමරන්නේ කුමක්ද යන්න ගැන විවිධාකාර හේතු රාශියක් විවිධ හින්දු බැතිමතුන් අතර පවති.
දීපාවලි දිනය ලෙස සලකන්නේ හින්දු මාස අනුව කාර්තික මාසයේ යෙදෙන අමාවක දිනයයි. ඒ දිනය ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනය ලෙසද විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙස ද, ක‍්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාෂුර මරා දැමු දිනය ලෙස ද, රාම කුමරු ජයග‍්‍රහණය කළ දිනය ලෙස ද ආදි බොහෝ වැදගත් දැ සිදු වු දිනයක් ලෙස හින්දුන් සලකනු ලබයි.
ජෛන ආගමේ නිර්මාතෘ මහාවීර නිර්වාණවබෝධය ලබාගත් දිනය ලෙසද දීපවාලි දිනය සලකයි. කෙසේ හෝ දීපවාලි දිනයේදි සිදු කරන විශේෂ චාරිත‍්‍රය වන්නේ පහන් දල්වමින් පසු දිනයට හිරු උදාවන තුරුම රාත‍්‍රීය ආලෝකමත් කර තබා ගැනීමයි. අඳුරින් හා අයහපත් බලපෑම් වලින් ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව මෙමගින් අවධාරණය කෙරේ.
ඉතා ජනප‍්‍රිය බොදු බැති ගී ලියා ඇති ගරු මර්සලිනු ජයකොඩි පියතුමා 1988 දී දීපවාලි උත්සවය වෙනුවෙන් ලියු පහත ගීතය කිතුනුවෙකු දීපවාලි ගැන ලියු ප‍්‍රථම ගීතය වනවාට සැක නැත.
? හරහා බේරි හඬ
වයන නළාවයි
පොකුරු පොකුරු පහන් පෙනේ
රෝස වලාවයිි

පැලයි පිලයි මල් පා යයි
සිඛා ගුලාවයි
දීපවාලි දිලි දොරට
වඩන වෙලාවයි

කැකුණු පිපුනු සුන්දරියක්
පෙනෙන දොර ඇරේ
දීපවලිය ඇගේ රූපෙට
මොහොතකට හැරෙයි

දහස් එකක් පහන් දැවි
රැුයම ඉන් පිරේ
සරස්වතිය දීපවලිය
රඟති පෙරහැරේ

ඉරත් හඳත් මේ සක්වල
එළි ගැන්වේවා
රටට ලොවට එළිය බෙදී
යන තැන් වේවා

ඇසේ අඳුර සිතේ අඳුර
ඉන් සුන් වේවා
එළිය අඳුර ‘දීපවාලිය’
ගෙන් වෙන් වේවා.
න්‍ැිමිඑදා්හික 34 සතිය 2017 ඔක්තෝම්බර් 22


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696