එපා මට ඔබේ පූජා


August 6, 2017 8:47 am

බොහෝ කිතුනුවන් නොසිතාම බොහෝ කිතුනු නායකයින් සිතාමතාම පසෙකට දමන ශුද්ධ ලියිවිලි පාඨ තිබේ. ඊට හේතුව වන්නේ එකි ශුද්ධ ලියවිලි පාඨ තමන්ගේ පැවැත්මට අභියෝග කිරීමයි.
ගීතිකා වලින් බැහැරව ‘‘කිතුනු ගීත’’ ලෙස සැලකිය හැකි ප‍්‍රවර්ගයක් අල්ප ලෙස හෝ විකල්ප කිතුනු සාහිත්‍ය භාවිතාව තුළ පවති. ඒවා බොහෝමයක් ගී පද රචනා ලෙස පමණක් අපට හමුවන්නේ ඒවා කැසට් පට හා සීඩි තැටි මගින් ජනතාව අතරට ගොස් නැති නිසාය.
1989 අගොස්තු මාසයේදි සංවාදශීලි ජනතාව එකමුතුව මගින් ප‍්‍රකාශයට පත් කල ‘‘අපේ කාලයේ යාග ගී’’ පොතේ ඇතුලත් එවැනි ගීතයකි මේ.
එපා මට ඔබේ සබත් දින පූජා
එපා මට ඔබේ තුති යැදුම් පූජා
එපා මට ඔබේ සුවඳ දුම් පූජා
එපා මට ඔබේ මිහිරි ගී පූජා
යදින කල ඔබ දෑත් දිගු කර රිදෙන්නට හරිමි
හඬන කල ඔබ අභය ඉල්ලා මැරෙන්නට හරිමි
ඔබේ සොයුරන් එක එකා මැරෙනවා දකිමින්
සිටින ඔබ මට කරන පූජා මම හෙලා දකිමි
රකින කල ඔබ මිනිස් හිමිකම් දෙනෙක් හැර බලමි
නගන කල හඬ දුගී දන හා සවන් ඇර අසමි
ඔබේ සොයුරන් වෙතට යුක්තිය ඉටු කරනු නීතියෙන්
එයයි ඔබ මට කරන පූජා මම බාර ගනිමි
මෙම ගීතය මුළු මනින්ම ශුද්ධ ලියවිලි පාඨයක් ගීතයකට සැකසීමෙනි. එකි ශුද්ධ ලියවිලි පාඨය මෙසේය. (යෙසායා 1/10-17)
වැදගැම්මක් නැති පුද පූජා
එම්බා ජෙරුසලම
ඔබෙ ප‍්‍රධානීහු ද සෙනඟ ද
සොදොමේ හා ගොමොරාවේ
සිටි අය වැනිය.
සමිදුන් වදාරන දේට සවන් දෙන්න.
දෙවිදුන් උගන්වන දේ සිතට ගන්න.
එතුමාණෝ මෙසේ වදාරන සේක.
නුඹලාගේ නිමක් නැති පූජාවලින්
මට වැඩක් නැද්ද ?
බැටළුවන් දවන පූජා ද
තර සතුන්ගේ තෙල් ද
මට තිත්ත වී ඇත.
එළු, බැටළු, ගව ලේ
මට රූස්සන්ගේ නැත.
නුඹලා මා නමදින්න
පැමිණෙන විට
මේවා ගෙනෙන්න කීවේ
කවරෙක්ද ?
එසේ මාගේ මළුවෙනි පා තබ්නන
නුඹලාට කීවේ කවරෙක්ද ?
ඔය නිෂ්ඵල පූජා
තවත් නොගෙනෙන්න,
දුම් පූජා මට ඉවසිය නොහැකිය.
අමාවක් උත්සව ද
සබත් දවස් ද
ආගමික රැුස්වීම් ද
මට රිසි නැත.
නුඹලාගේ පාපවලින්
ඒවා දූෂණය වී ඇත.
නුඹලාගේ අමාවක් උත්සව
හා වන්දනා ගමන්
මාගේ හද පත්ලෙන්
මම හෙළා දකිමි.
තවත් උසුලන්න බැරි තරමට
ඒවා මට මහා බරකි.
මට අයැදින පිණිස
නුඹලා අත් ඔසවන කල
එය නොදකින ලෙස
මම මාගේ ඇස් වසාගන්නෙමි.
නොකඩවා යාච්ඥා කළත්
කිසිසේත් සවන් නොදෙන්නෙමි.
නුඹලාගේ අත් ලෙයින් පිරි ඇත.
ස්නානය කොට
පිරිසිදු වන්න
මා ඇස් හමුයෙන්
ඔය පව් දුරු කරන්න
නපුරුකම් තවත් නොකරන්න
යහපත කරන්න ඉගෙන ගන්න
පීඩා විඳින්නන්ට පිහිට වන්න
අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න
වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න
මෙසේ යුක්තිය ඉටු කරන්න.

jesustodaysl 22 සතිය 2017අගෝස්තු 06


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696