සාහිත්‍ය හා කිතුනු සාහිත්‍ය


August 6, 2017 9:02 am

සාහිත්‍ය හා කිතුනු සාහිත්‍ය


♣ සාහිත්‍ය යනු
සාහිත්‍ය යනු සහිත බවයි. කුමකින් සහිත බවද? මිනිස්කමේ ගුණ නැණයන් සහිත බව යැයි ඩබ්ලිව් අබේසිංහයන් පවසයි. සාහිත්‍ය යන්න ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂය මෙසේ අරුත් දක්වයි.
රසවත්කමින් හා ආකෘතිය පිලිබඳ වටිනාකමින් යුතු ලිවීම් සම්භාරයයි.
වචනාර්ථයෙන් හා ව්‍යාංගාර්ථයෙන් පොහොසත් රසවත් නිබන්ධන සමූහයයි.
මේ අනුව අපට සාහිත්‍යය යනු මිනිස්කමේ නැණ ගුණයෙන්, රසයෙන් හා අරුතින් සපිරි මිනිසුන් තුළ ආනන්දයත් ප‍්‍රඥාවත් මතු කරන නිබන්ධනයන් ලෙස හැඳින්විය හැකිය. ‘‘මිනිසා තිරිසනාගෙන් වෙන් කෙරෙන සීමාව සාහිත්‍යයි’’ ඬේවිඞ් කුග්ලතිනොව් පවසා ඇත.
♣ සාහිත්‍යය හා කලාව අතර වෙනස
සාහිත්‍යය හා කලාව අතර වෙනස ඉතා සරලව මෙසේ දැක්විය හැකිය.
සාහිත්‍ය වූ කලී, වශ්වයේ හා ජීවිතයේ යථාර්ථය නිර්මාණාත්මකව බස දන්නවුන්ට පමණක් තේරුම්ගත හැකි සේ කියාපාන නිර්මාණයෝය.
කලාවන් වූ කලී විශ්වයේ හා ජීවිතයේ යථාර්ථය නිර්මාණශීළිව ලොව සියල්ලන්ට ඇසෙන සේ පොදු බසකින් කියාපාන්නකි.
♣ ආගමික සාහිත්‍යයේ වැදගත්කම
ආගමක ඇති ධර්මය එම ආගම නොඅදහන අය වෙත සමීප කරවිය හැකි ප‍්‍රධාන මාධ්‍යයකි.
ආගම ධාර්මික සත්‍යයන් ඒ ඒ කාලය තුල ක‍්‍රියාවේ යෙදෙන ආකාරය විවරණය කරයි.
ආගමක ධාර්මික සත්‍යයන් ගැඹුරු අවලෝකනයකට මඟ පාදයි.
ආගම තුලින් යටපත් කෙරෙන ධර්මය සියුම් ලෙස මතු කරයි.
ආගමක ධාර්මික හරයන් වඩා රසවත් හා ආකර්ශනීය ලෙස ජනයා අතරට ගෙනයයි.
වින්දනාත්මක කියවීමකට මඟ පාදයි.
උදා:- බොදු බැති ගීත අපට බලපා තිබෙන හැටි ගැන හිතන්න.
♣ කිතුනු සාහිත්‍ය හා එහි ව්‍යාප්තිය
කිතුනු සාහිත්‍ය යනු කිතු දහමේ ධාර්මික ඉගැන්වීම්, ක‍්‍රිස්තියානි සභ්‍යත්වයේ උපත හා වර්ධනය, කිතුතුමා වැනි දහමට අදාල පුද්ගල චරිත, සිදුවීම් ක‍්‍රිස්තියානින්ගේ ජීවිතය ආදි දේ ඇසුරින් උපන් සාහිත්‍යයි.
ක‍්‍රිස්තියානි සාහිත්‍යය යනු කිතුනුවන් විසින් ලියු සාහිත්‍ය නොවේ. කිතුනුවන් විසින් මෙන්ම කිතුනු නොවන අය විසින් ද කිතුනු සාහිත්‍යය රචනා කර තිබේ.
♣ ක‍්‍රි.ව. පළමු සියවස තුළ ජුදා දහමෙන් හා ජුදා සංස්කෘතියෙන් ක‍්‍රිස්තියානීය වෙන් වී වෙනම දහමක් හා සංස්කෘතියක් ලෙස වර්ධනය වීම ආරම්භ විය.
♣ ආසියාතිකව ඉපදුනු කිතු දහම ගී‍්‍රක රෝම සංස්කෘතිය තුළ ශිෂ්ටාචාරය තුළ ව්‍යාප්ත වීම නිසා ග‍්‍රීක රෝම සංස්කෘතියේ බලපෑමට නතු වීම මෙන්ම ගී‍්‍රක රෝම සංස්කෘතියට ද ක‍්‍රිස්තියානිය බලපෑම සිදු විය.
♣ ක‍්‍රිස්තියානිය සාහිත්‍යය මේ අනුව ආරම්භයේ සිටම මූලික වශයෙන් බටහිර සංස්කෘතිය තුළ හැදි වැඩුනු බටහිර සාහිත්‍යයක් වේ.
♣ ගී‍්‍රක ඕතඩොක්ස් බෙදීමෙන් පසු ඕතඩොක්ස් පෙරදිගට සීමා වීම හා කතෝලික සභාව බටහිර ආධිපත්‍ය දරන සභාව වීම නිසා බටහිර සභ්‍යත්වය ක‍්‍රිස්තියානි සභ්‍යත්වයක් බවට පත් වීම.
♣ පෙරදිග හා මැද පෙරදිගින් නැගී ආ අරාබි ඉස්ලාම් අධිරාජ්‍ය හා සංස්කෘතිය බටහිර දක්වාම පැතිරෙන්නට ආසන්නව තිබියදී 14 සියවස 15 සියවස මුල බටහිර විසින් එය පරාජය කරනු ලැබීම සමඟ ක‍්‍රිස්තියානි සංස්කෘතිය ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහය බවට පත් විය.
♣ ක‍්‍රිස්තියානි රාජධානිය ව්‍යාප්තකරමින් යටත් විජිතකරණය ඇරඹීමත් සමඟ (15 සියවසේ) ක‍්‍රිස්තියානි ලොව පුරා සෑම මහද්වීපයකටම ව්‍යාප්ත විය. ඒ අනුව සෑම මහද්විපයකම පාහේ කිතුනු සාහිත්‍යය ද පවතින බව හඳුනා ගත්හ.

jesustodaysl 22 සතිය 2017අගෝස්තු 06


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696