යාච්ඥාවක් ලෙස කියවන්න.


July 30, 2017 12:01 am

යාච්ඥාවක් ලෙස කියවන්න.

විවාහක පූජක පවුලක් ඇසුරින් කියැවෙන සමාජ යථාර්තය
හඬන්න, ප‍්‍රියාදර මාතෘ භූමි

Cry, the Beloved Country.

ගැඹුරු ක‍්‍රිස්තියානි අවලෝකයනට මඟ පාදන නවකතාවකි. දකුණු අප‍්‍රිකාව සුදු ජාතිකයින් අතට පත් වී එහි ගැමි ජීවිතය උඩුයටිකුරු කරමින් නාගරිකරණය සිදු වූ කාල වකවානුව පසුබිම් කරගෙන ලියැවි ඇත.
ස්ටීවන් කුමාලෝ නම් ඇන්ගිලිකානු පියතුමා (දේවගැතිවරයා) හා ඔහුගේ පවුලේ කතන්දරයක් ඇසුරින් දකුණු අප‍්‍රිකානු සමාජයේ සිදු වූ බේදනීය විපර්යාසය නව කතාව තුල කදීමට සිත්තම් වී ඇත.
දකුණු අප‍්‍රිකාවේ කළු ජාතිකයින්ගේ දිවි පෙවතට සුදු අධිරාජ්‍යවාදය කැටිව ආ ඛේදය පිළිබද ලියන්නේ සුදු ජාතිකයෙකු වීම විශේෂයකි. මෙහි කතුවරයා වන ඇලන් ස්්ටූවට් පේටන් දකුණු අපි‍්‍රකාවේ නටාල් ප‍්‍රාන්තයේ උපත ලද්දකි. ඔහු ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිලධාරියෙකුගේ පුතෙකි. ගුරුවරුයෙකු ලෙස ද කළු ජාතික අපි‍්‍රකානු යෞවනයින් සඳහා වු චරිත ශෝධනාගාරයක ප‍්‍රධාන ආචාර්්‍යවරයා ලෙසද විශිෂ්ට සේවයක් කල හෙතම 1953 දී දකුනු අප‍්‍රිකානු ලිබරල් පක්ෂය පිහිටුවා වර්ණ ඛේදවාදයට විරුද්ධව ඉතා ක‍්‍රියාකාරිව හා සාමකාමිව වැඩ කළ අයෙකි. දකුණු අපි‍්‍රකානු සුදු පාලකයින් ඔහුුගේ ගමන් බලපත‍්‍රය වසර 10 ක් පුර තහනම් කරනු ලැබීය. නව කතාව ඉතා ප‍්‍රබල වන්නේ වතුවරයාගේ එකි පසුබිම හා අත්දැකිම් ඇසුරෙනි.

ස්ටීවන් කුමලෝ දෙව්ගැතිවරයාගේ පදිංචිව සිටින්නේ නටාල් ප‍්‍රාන්තයේ (කතුවරයාගේ උපන් ප‍්‍රදේශය) න්ඩොට්ෂේනි ගමෙහිය. එකි ගමේ මුල් පිවිතුරු සුන්දර බව මේ වන විට බිඳි ඇති බව පෙන්වා දෙන්නේ ඉතා තියුනු බයිබලයි සංඛේතයක් ඇසුරිනි. ශුද්ධ වු බයිබලයේ එන මෝසෙස්ගේ කැඳවීම පිළිබඳ සිදුවීමේදි දැවෙන පඳුර අසලට පැමිණෙන මෝසෙස්ට පාවහන් ගලවන ලෙස දෙවියන් දැනුම් දෙනු ලබයි. සොබාදහමේ පූජනීය බව පාවහන් ගලවා ඒ හා එකතුවීම මගින් සංඛේතවත් කරයි. යාන්තම් පිටු දෙකක් වන පළමු පරිච්ෙඡ්දය තුළ පාවහන් ඇතිව හා පාවහන් නැතිව භූමියේ සිට ගැනීම යන යෙදුම් තුලින් ප‍්‍රියාදර මාතෘභූමියට සුදු ජාතිකයින් ගෙනා වෙනස ප‍්‍රබලව සංඛේතවත් කරයි.
‘‘තෘණ භූමිය මැනවින් පවත්වාගෙන යනු ලැබේ. තෘණ භූමියේ ගවයින් ඕනැවට වඩා තණකොළ කන්නේ නැත. ඕනැවට වඩා ගිනිද පස නිරාවරණය කරමින් තණ පඳුරු පුළුස්සන්නේ නැත. පාවහන් රහිත දෙපයින් එහි සිටගන්න. මක් නිසාද යත්, නිර්මාතෘවරයා වෙතින් පැමිණෙියා මෙන්ම පවතින හෙයින් භූමිය ශූද්ධ වස්තුවකි. එයද හොඳින් පවත්වාගෙන්න. එය රැුකගන්න. එය බලාගන්න. මක් නිසා ද යත්, එය මිනිසුන් හොඳින් පවත්වාගනියි. එය මිනිසුන් රැුකගනියි. එය මිනිසුන් බලාගනියි. එය විනාශ කරන්න එවිට මිනිසාද විනාශ වෙයි.’’
පාවහන් සහිත දෙපයින් එහි සිටගන්න. මක් නිසාද යත්, එය රළුය. තියුණුය. යටිපල්ලේ ගල් ඇනෙයි. තව දුරටත් එය හොඳින් පවත්වාගෙන රැුකගෙන හෝ බලාගෙන නැත. තව දුරටත් එය මිනිසුන් හොඳින් පවත්වාගන්නේ රැුකගන්නේ හෝ බලාගන්නේ නැත. තව දුරටත් ටිටිහෝයා මෙහි නාද කරන්නේ නැත.
අති විශාල රතු පැහැති කඳු නිසරුය. සිරුරක මස් මෙන් ඒවායේ පස ඉදිරි ගොස් ඇත. විදුලිය පහරවල් ඒ මත විහිදෙයි. වැසි වලාකුළු ඒ මත කඩා හැලෙයි. සිඳි ගිය ජල පහරවල් ජීවමාන වෙයි. ඒවා මහ පොළොවේ රක්ත වර්ණ රුධිරයෙන් පිරි ඇත. පහළ මිටියාවත්වල ගැහැනු ඉතුරු වී ඇති පස පහුරුගාති. ඉරිඟු ගස් මිනිසෙකුගේ ඉහ මට්ටමටවත් නොවැඩෙයි. ඒවා මහල්ලන්ගේ මැහැල්ලන්ගේ මව්රුන්ගේ හා දරුවන්ගේ නිම්න වේ. පිරිමින් යන්නට ගොසිනි. තරුණයන් හා තරුණියන් යන්නට ගොසිනි. භූමියේ පසට තව දුරටත් ඔවුන් රඳවා තබාගක නොහැකිය.
නාගරීකරණය විසින් ප‍්‍රකාශයට පත් කරන සුදු ජාතිකයින් ගෙනා සමාජ වෙනස ගමෙන් ජනයා නගරයට පළවා හැර තිබෙන අයුරු මුළු කතාවට කදීම පෙරවදක් සපයයි.
කතාව දිග හැරෙන්නේ කුමාලෝ පූජකතුමාට නමට එන ලියුමකිනි. ඔහු විවාහ දිවියක් ගත කරන ඇන්ගිලියානු සම්ප‍්‍රදායේ පූජකවරයෙකි. ඔහු හා ඔහුගේ බිරිඳ බොහෝ කාලයක සිට ලියුමක් බලාපොරොත්තු වන්නෝ වෙති. එහෙත් ලියුම ලැබුනු පසු එය විවෘත කරනු වෙනුවට දෙදෙනා විසින් එය කාගෙන්දැයි අනුමාන කරමින් කතා කරයි.
‘‘අපි මේ වගේ ලියුමකට කොයි තරං ආසාවෙන්ද ඉන්නේ, ඉතිං ඒක ආවාම අපි අරින්න බයයි.’’ කවුද බය? ඔහු කීය. ඕක අරින්න. ඇය එය සෙමින් පරිස්සමින් ඇරියාය.
මිෂන් හවුසිය
සොෆියාටවුන්
ජොහැන්නස්බර්ග්
1946 සැප්තැම්රබ් 25
කිතු තුමන් තුළ මාගේ දයාබර සහෝදරය. මේ ජොහැන්නස්බර්ග් නුවරදී මට තරුණ ගැහැනියක් හමු වීමේ අත්දැකිම ලැබුණේය. ඇගේ නම ගර්ට්රූඞ් කුමාලෝය. ඇය න්ඩොට්ෂේනි ගමේ ශාන්ත මාක් දේවස්ථානයේ ස්ටීවන් කුමාලෝ පියතුමාගේ සහෝදරිය බ වමට දැනගන්නට ලැබුණේය. මේ තරුණ ගැහැනිය බොහෝ රෝගී වී ඇත. ඒ නිසා ජොහැන්නස්බර්ග් වෙත ඉක්මනින් එන්න කියා ඉල්ලමි. සොෆියාටවුන් පෙදෙසේ මිෂන් හවුසියේ තියොෆලිලස් ම්සිමංගු දේවගැතිතුමා වෙතට එන්න. එවිට මම ඔබට යම් උපදෙසක් දෙන්නම්. තවද, වියදම බොහෝ බර නැති තැනකින් නවාතැන් ද සොයා දෙන්නම්. කිතු තුමන් තුළ ආදරණිය සහෝදරය. මම ඔබේ විශ්වාසී.
තියෝෆිලස් ම්සිමංගු.
ඔවුන් ලිපි බලාපොරොත්තු වූයේ ජොහැන්නස්බර්ග් වලින් බව සැබැය. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ ලිපිය මෙය නොවේ.
ගර්ට්රූට් පූජක තුමාගේ නැගණිය බව සැබෑය. ඇය ඉන්නේ ජොහැන්නස්බර්ග්වලය. ජොහැන්නස්බර්ග් වල පූජකතුමාගේ මල්ලී ජොන්ද සිටී. එහෙත් ඔවුන් වඩාත් බලාපොරොත්තු වූ ලිපිය වන්නේ ජොහැන්නස්බර්ග් හී වෙසෙන ඔවුන්ගේ එකම පුතාගෙන් ලිපියකි. මේ කිසිවෙක් දිගු කලකින් කිසිදු තොරතුරක් දන්වා නැත. විශේෂයෙන් ඔවුන්ගේ එකම පුතා.
ඇග්ලිකානු පූජක ජීවිතය (විශේෂයෙන් එකල) සරුසාර ජීවිතයක් නොවීය. විවාහකයින් වූවත් ඔවුන්ට ලැබුනේ යාන්තම් යැපීමට මුදලක් පමණි. කුමාලෝ පූජක තුමාත් ඔහුගේ බිරිඳත් මේ ලිපියට ප‍්‍රතිචාරය ලෙස පූජක තුමා ජොහැන්නස්බර්ග් බලා යාය යුතු යැයි තීරණය කරයි. ඒ තීරණය හුදෙක් අසනිප වු සොයුරියව බැහැදැකීමේ තීරණයක් පමණක් නොවන බව කාහට වූවත් වැටහේ. ප‍්‍රශ්නය වන්නේ මුදල්ය. ඒවා ඇති ලිපිය අඩු මුදලකට නවාතැනක් ගැන පොරොන්දු වී ඇත්තේද මේ ගමනට ඔවුන්ව පොළඹවා ලීමටය. පූජකවරයෙකුට මෙවැනි ගමනක් සඳහා හිත හදා ගැනීමට හැකි ආර්ථිකයක් නැත.

හේ සුසුමක් හෙළීය. ගේන්න අර සෙන්ට් චැඞ් සල්ලි ටික කීවේය. ඇය කාමරයෙන් පිට වී ගොස් ටින් එකක් ගෙනාවාය. එය කෝපී, කොකොවා ආදිය විකුණන්ට ඇති ජාතියේ ටින් එකකි. ඇය ඔහුට දුන්නාය. ඔහු එය අතේ තබාගෙන එය විමසමින් සිටියේ එතැන යම් පිළිතුරක් ඇතුවා මෙනි. අවසානයේදි ඇය කීවාය. ඒක කරන්න ඕනැ ස්ටීවන්.
මං කොහොමද මේක පාවිච්චි කරන්නේ? මේ සල්ලි එකතු කළේ ඇබ්සාලම්ව සේන්ට් චැඞ් යවන්න නේ.
දැන් ඉතින් ඇබ්සාලම් කවදාවත් සෙන්ට් චැඞ් යන්නේ නෑ. ඔයා කොහොමද එහෙම කියන්නේ? හෙතෙම තියුණු හඬින් ඇසීය. ඔයා කොහොමද ඔය වගේ එකක් කියන්නේ?
එයා ඉන්නේ ජොහැන්නස්බර්ග් ඇය හෙම්බත් වූ ලීලාවෙන් කීවාය. මිනිස්සු ජොහැන්නස්බර්ග් ගියාම ආපහු එන්නේ නෑ.
සෙන්ට් චැඞ් යනු අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යන ගමනකි. නමුත් ජොහැන්නස්බර්ග් යනු නාගරිකරණයේ මැවු ලෝකයයි. මුදල් දුරාචාරය අපරාධ ගණිකා වෘත්තිය තව බොහෝ දේ එහි තිබේ.
බිරිඳගේ ප‍්‍රකාශයෙන් පූජකතුමාගේ සිත පෑරෙයි. නමුත් සත්‍යය ඒ බව ඔහු වටහාගනි. බිරිඳ ඔහු ජොහැන්නස්බර්ග් යා යුතු බවට දිරිමත් කළෙත් එහි යාමේ තීරණය ඈ පිට ඔහු පටවයි.
ඔයා ඒක කිව්වා. දැන් ඒක කියලා ඉවරයි. ඒ කාරණේ වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි කවදාවත් ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙන්නේ නෑ. ඔයා දොරක් ඇරියා. ඉතින් ඔයා ඒක ඇරිය නිසා අපි ඒකෙන් යන්න ඕනැ. අපි යන්නේ කෙහොමද කියලා දන්නේ ටීක්සෝ විතරයි. හෙතෙම කීය.
ඒක ඇරියේ මම නෙවෙයි. ඔහුගේ චෝදනාවෙන් සිත රිදි ඇය කීවාය. ඒක ඇරිලා හුඟාක් කල්. ඒත් ඔයා බැලූවේ නෑ.
බිරිඳගේ වචන තුල දිගු කලක් තම පුතු වෙනුවෙන් දරාගත් ශෝකය රැඳි තිබේ. එය එක්තරා චෝදනාවක්ද වෙයි. පුජකතුමා පුතා සොයා ජොහැන්නස්බර්ග් නොයාම පිළිබඳ අප‍්‍රසාදය එහි ගැබ්ව තිබේ. විවාහක පූජකවරුන්ගේ ජීවිතයේ ගැඹුරු පැතිකඩක් මේ දෙබස් තුලින් නිරාවරණය වේ.
අපට පුතෙක් හිටියා. හෙතෙම රළු ලෙස කීය. සූලූ අයට හුඟාක් ළමයි ඉන්නවා. ඒ උනත් අපට එකම පුතයි හිටියේ. එයා ජොහැන්නස්බර්ග් ගියා. ඉතිං ඔයා කියන්නා වගේ මිනිස්සු ජොහැන්නස්බර්ග් ගියාම ආපසු එන්නේ නෑ. එගොල්ලෝ ලියන්නෙවත් නෑ. ඒගොල්ලෝ සෙන්ට් චැඞ් යන්නේ නැ දැනුම ලබාගන්න. දැනුම නැතුව මොනම කළු මිනිසෙකුටවත් ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ ජොහැන්නස්බර්ග් යනවා. ගිහින් එහෙදි ඒගොල්ලෝ නැති වෙනවා. ඊට පස්සේ කාටවත් ඒ අය ගැන අහන්න හම්බ වෙන්නේ නෑ. ඉතිං මේ සල්ලී…..
එහෙත් ඇයට ඒ සඳහා කියන්න වචන නැත. ඉතින් ඔහු කීය. මෙන්න ඒ ටික මගේ අතේ.
ඔයා ඔයාටම රිදවාගන්නට. ඇය කීවාය.
මටම රිදවාගන්නවා? මටම රිදවාගන්නවා? මං මට රිදවාගන්නේ නෑ. උන් තමයි මට රිදවන්නේ මගේම පුතා ,මගේම නංගී මගේම මල්ලී, උන් යන්න යනවා. ඊට පස්සේ ඉතින් ලියන්නේ නෑ. බාදගා අපි දුක් විඳින බව උන්ත තේරෙන්නේ නැතුව ඇති. බාගදා උන්ට ඒක ගානක් නැතුව ඇති.
ඔහුගේ කටහඬ මහ ශබ්ද සහිත කෝපාකුල වචන බවට පත් විය. ගිහින් අහන්න අර සුදු මිනිහගෙන්. ඔහු කීය. බාගදා එහෙ ලියුම් ඇති. බාගදා ඒවා කවුන්ටරේ පිටිපස්සට වැටිලා ඇති. නැත්නම් කෑම බඩු අතරේ නැති වෙලා ඇති. ගස් උඩ බලන්න හුළඟට ගහගෙන ගිහින් ඇති.
ඇය ඔහු අමතා කෑගෑවාය. ඔයා මගේ හිතත් පාරනවා.
ඔහු පියවී තත්ත්වයට පත් වී නිහතමානීව කීය. මම ඒක නං කරන්නේ නෑ.
ඔහු ඇයට භාජනය දික් කළේය. මේක අරින්න කීය. ඇය වෙවුලන අතින් භාජනය ගෙන ඇරියාය. ඇය එය මේසය මත හැලූවාය. කිළිටි පරණ නොට්ටු වගයකි. රිදි හා තඹ කාසි මහ රාසියකි.
ඔක ගණන් කරන්න. ඔහු කීය.
ඇය දුෂ්කර සේ ගණන් කළා. නෝට්ටු සහ කාසි මොන මොනවාදැයි හරියටම දැනග්නනට දෙපිටම බලමින්
පවුම් දොළහයි සිලිං පහයි පැන්ස හතයි.
මම මේකෙන් පවුම් අටයි සිලින් පැන්ස ටිකයි ගන්නං.
මේ සේරම ගන්න ස්ටීවන් දොස්තරලා ඉස්පිරිතාල තව තව කරදර ඇති වෙන්න පුළුවන්. මේ සේරම ගන්න. තැපැල් කන්තෝරු පොතක් ගන්න. ඒකේ පවුම් දහයක් තියනවා. ඔයා ඒකත් අරන් යන්න ඕනැ.
මං ඒක ඉතුරු කළේ ඔයාට ලිපක් ගන්න. ඔහු කීය.
ඒකට කරන්න දෙයක් නෑ. මේ අනික් සල්ලී. අපි සෙන්ට් චැඞ්වලට කියලා ඉතුරු කළාට මොකද මං හිතාගෙන හිටියේ ඔයාට අලූත් කළු ඇඳුම් අලූත් කළු තොප්පියක් අලූත් සුදු කොලර් හෙම ගන්නයි.
ඒකට කරන්න දේකුත් නෑ. අපි බලමු. මං යනවා..
හෙට, කැරිස්බෲක්වලින්. ඇය කීවාය.
මම බිෂොප්තුමාට ලියලා දන්වන්න ඕනැ මට කොච්චර කාලයක් එහේ ගිහින් ඉන්න වෙයිද නොදන්න බව.
හෙතෙම බරසාර ලෙස නැගිට ඇය ඉදිරියට ගොස් සිටගත්තේය. ඔයාගේ හිත රිදේවට සමාවෙන්න. කීවේය. මං පල්ලියට ගිහිල්ලා යාඥා කරන්න ඕනැ.
හෙතෙම දොරින් පිට වී ගියේය. ඔහු පල්ලියේ දොර වෙතට සෙමෙන් ගමන් කරන අයුරු ඇය කුඩා කවුළුවෙන් බලා සිටියාය. ඉක්බිති ඔහුගේ මේසය වෙත වාඩි වී ඒ මත හිස තබාගෙන නිහඬ වූවාය. ඒ කළු ගැහැනුන්ගේ ඉවසිලිවන්ත දුක් විඳීමට ගවයින්ගේ දුක් විඳීමට ඕනැම ගොළු අයකුගේ දුක් විඳීමට අනුකූලවය.
ඔහු ජොහැන්නස් බලා පිටත් විය. එතැන් සිට සිදුවන්නේ කුමක්ද? හඬන්න පි‍්‍රයාදර මාතෘ භූමි කියවා බලන්න.

(කිතුසර පුවත්පතෙන් උපුටා ගත්තකි. ජනවාරි – පෙබරවාරි කලාපයෙන්)

jesustodaysl 21 සතිය 2017 ජුලි 30


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696