ඉන්දීයානු ගමනක සටහන්


December 31, 2017 6:53 am

භගත් සිං කොළනියේදි පුංචි භගත් සිං ලා දුටුවෙමු.

ආගමික විවිධත්වය පිළිබඳ අධ්‍යාපන වැඩසටහනකට එක්ව සිටි ලාංකිකයන් වු මමත් මගේ මිතුරාත් දෙදෙනාම ගුරුවරු නිසාම ඉන්දියාවේ ගම්බද පාසලක දවසක් ගත කිරීමට ලැබීම පිලිබඳ ඇති වුයේ සතුටක්.
21 සිකුරාදා අපි දිල්ලියෙන් පිටත් වුනේ රාජස්ථාන් බලා ගමන් කිරීමට. දිල්ලි ප‍්‍රාන්තයෙන් පසු අපි ඇතුලත් වුනේ හරියානා ප‍්‍රාන්තයට ඒ හරහා තමයි රාජස්ථානයට යා යුත්තේ. අපේ වැඩ සටහන අනුව අපි යන්නේ ‘ගම්බද ප‍්‍රදේශයකට වුනත් ඒ ගම්බද ප‍්‍රදේශයත් නාගරිකරණය විසින් වෙලා ගනිමින් සිටිනවා. විශාල තට්ටු නිවාස සංකීර්ණ කාර්මික ජනපද විසින් ග‍්‍රාමීය පෙදෙස් ආක‍්‍රමණය කර තිබෙනවා. කුළුණු මත ඉදි වු මාර්ගයන්ට පිවිසුනු විට සැතපුම් සිය ගණන් ඈතට ඉන්දීය මහා භූමිය දර්ශනය කරන්න පුළුවන්. විසල් භූ දර්ශනය අපේ දෙනෙත් වල දැකිමේ පරිමාව වැඩි කරනවා.
අපි අපේ ගමනාත්යට පැමිණියා
සාන්ත සේවියර් පාසල
භගත් සිං කොලනිය බිහිවාඩි රාජස්ථානය
ඉන්දීය නිදහස් සටන තුළ භගත් සිං නමැති තරුණයා ට හිමිවන්නේ සුවිශේෂි වීරත්වයක්. මහත්මා ගාන්ධිගේ අහිංසා ව්‍යාපාරය නමැති දැවැන්ත සෙවනැල්ලෙන් වසා දැමුණු භගත් සිං වැනි චරිත රැුසක් බාහිර ලෝකයට නිසි පරිදි නිරාවරණය වී නෑ.
මේ දිනවලත් තවත් එවැනි චරිතයක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය සාකච්ඡුා කරනවා. ඒ තමයි සුභාෂ් චන්ද්‍රබෝස්ගේ මරණය ඝාතනයක් කියන කාරනය. ඔහු මිය ගියේ ගුවන් අනතුරකින් කියන එක තතු දත්ත රහස් පොලිස් නිලධාරියෙක් අභියෝගයට ලක් කර තිබෙන බව ඉන්දියානු පුවත්පත් වාර්තා කර තිබුණා.
භගත් සිං යනු විල්පවීය ලෙස ඉන්දීය නිදහස සඳහා ක‍්‍රියාත්මක වු සන්නද්ධ ව්‍යාපාරයට සම්බන්ධ වු තරුණයෙකි. අති දක්ෂ සිසුවෙකු වු ඔහු තම දේශය රැක ගැනීම සඳහා සිය දීප්තිමත් අනාගතය ත්‍යාජ කළ තරුණ විල්පවවාදියෙකුගේ පරමාදර්ශය ලෙස අදත් ඉන්දියානු දේශපේ‍්‍රමිහු සලකනු ලබනවා.
යාන්තම් වසර 27 සපිරෙද්දී ඔහුව බි‍්‍රතාන්‍ය රජය විසින් එල්ලා මරා දමනු ලබන්නේ ඉන්දියාවේ ස්වේරිත්වයට එරෙහිව සම්මත වීමට නියමිත පනතකට විරෝධ ඵල කරමින් ඉන්දීය ව්‍යවස්ථාදායක සභා ගැබ තුළ ඔවුන් බෝම්බයක් පිපිරවීමේ වරදට. අත්අඩංගුවට පත් වීමෙන් වැලකී පැන යාමට උත්සහ නොකල භගත් සිං මරණයට මුහුණ දුන්නේ සමාව ඉල්ලා සිටීම ප‍්‍රත්ෂේප කරමිනි.
පුංචි භගත්ලා

සාන්ත ක්ෂවියර් පාසල ජේසු නිකායික පියතුමන්ලා විසින් පවත්වා ගන්නා පාසලකි. මිශ‍්‍ර පාසලක් වු එය ග‍්‍රාමීය පාසලක් ලෙස සැලකුනද අප රටේ මේ මොහොතේ නගරයේ ඉහළ පාසලකවත් දැකිය නොහැකි ලෙස සුහුරු තාක්ෂණය පංතිකාමර තුළ භාවිතා වන පාසලකි.
විදේශකයින් 14 දෙනෙකුගෙන් සමත් වන අප කණ්ඩායම සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දුන් මේ ගුරුවරු හා දරුවෝ ලෝකය සමඟ මුසුවීමේ නොතිත් ආශාවෙන් පෙළන්නෝය. ඉන්දියාව ලෝකය ජය ගැනීමට යොමු වී සිටින මේ යුගය නියෝජනය කරන දරුවෝ නොපැකිල අප හා සංවාදයේ යෙදුනේ ඔවුන් තම පාසලින් ලබාගෙන තිබු පන්නරය මොනවට විදහා පැමිනි.
රාජස්ථානයේ ආවේනික නැටුම් ගැයුම් සිරිත් විරිත් වලින් අප වෙත උණුසුම් පිළිගැනිමක් හා ආගන්තුක සත්කාරයක් ප‍්‍රකාශ කළේ ඉන්දීය මහා භූමියේ වර්ණවත් බව කෙරෙහි අපව ආකර්ශනය කරමින්.
සාන්ත ක්ෂවියර්හි හමු වු පුංචි භගත් සිංහලා ඉන්දියානුකමට මහත් සේ ඇළුම් කරන්නෝය. අපෙන් ඔවුන් විමසු ප‍්‍රශ්න මෙන්ම අප ඇසු ප‍්‍රශ්න වලට දුන් පිළිතුර ද ඒ බ කියා පෑවාය.
”ඔබ ඊළඟ යන්න කැමැති රට කුමක්ද ?
”යුරෝපයේ රටකට”
ඒ ඇයි
”මම හිම දැකලා නෑ”
”ඇයි යුරෝපයට යන්නේ අපේ රටේ හිමාලය පැත්තට යන්නකෝ ඔබට පුළුවන් හිම දකින්න”
ගාන්ධි ජී තෙරේසා මව් තුමිය ගැන වගේම අබ්දුල් කලාම් ගැනත් මහෙන්ද්‍ර සිං දෝනි ගැනත් ඔවුන් ආඩම්බර වෙනවා.
ඔවුන් තම රටේ සුවිශේෂි දැ ගැන කථා කර අපෙන් විමසා සිටියේ ‘‘මොනවද ඔබේ රටේ සුවිශේෂී දැ”
ක්ෂවියර් පාසලේ දරුවෝ තම පාසල ගැන ද දක්වන්නේ අසිමිත සෙනෙහෙසක් බව අපට දැනුනේ ඔවුන් කථා බහේදි මෙන්ම ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් වලදි.
රාජස්ථාන් නැටුම්වලට ඔවුන් අප සියළු දෙනාවම සහභාගී කරත්තේ අපට නොදැනිමය. ක්ෂවියර් හි දරුවන් ඊළඟ දිනයේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් සඳහා සූදානම් වී සිටියා. අප දොළොස් දෙනාටම තමන් විසින් නිමාවු සිතුවමක් දීමට ඔවුන් නිර්ලෝබි වුනා. ශී‍්‍ර ලංකාවේ මම වෙනුවෙන් බුදුන්ගේ රුව සහිත සිතුවමක් පිරිනැමු දියණිය 11 ශ්‍රේණියේ සිසුවියක්  Samriddhi sakla ඇගේ දයාවන්ත සිනහව චිත‍්‍රය වගේම සුන්දරයි.
ඉන්දියානු දේශපේ‍්‍රමය අපේ රටට වඩා ගැඹුරට ගිය එකක් දේශපාලකයින් ජාතිවාදය සේම භාෂාවත් පාවිච්චි කළත්, සුළු ජාතින් යම් යම් පීඩනයන්ට පත් කළත්, විවිධ ආගම් හා ජාතින්ට අයත් බොහෝ ඉන්දියානුවන් ඉන්දීය ජාතිකත්වය ගැන පොදු හැඟීමෙන් යුක්තයි.
”දෙවියන් අපෙන් බලාපොරොත්තු වන්නේ සාර්ථකත්වය නොවෙයි. උත්සහ කිරීම” තෙරෙසා මව් තුමියගේ ඒ කියමන අනුව හැම දෙනාමට යමක් කිරිමට පෙළඹවීමක් අපි එහි දුටුවා.
”භගවත් සිං” කොලනිය කියන්නේ ඒ ගමට, ඉන්දියාවට තුළ ‘කොළනිය’ යන වචනය බොහෝ තැන්වල භාවිතා වෙනවා. කොහොම උනත් භගත් සිං වගේම මේ පුංචි භගත් සිං ලාගේ හිත්වලත් දේශයට කෙරෙහි ඇති ආදරය ඉහළයි.
jesustodaysl 44 සතිය 2017 දෙසැම්බර් 31

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696